Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner තෙවැනි තැන සී. එච්. පිලට

තෙවැනි තැන සී. එච්. පිලට

Nisanka Sandeepani - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල සමත් විය.  

‘සුපිරි’ වටයේ ‘කුසලාන’ ශූරතා තරගාවලියේ සෙනසුරාදා කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පිල විසින් ලකුණු 38-33 කින් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල කරන ලද නමුත් ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය සී. එච්. පිලට හිමිවී තිබිණ. සී. එච්. පිල මෙවර තරගාවලියේ තරග 16 කින් 10 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 64 ක් හිමිකරගත්තේය. සිවුවැනි ස්ථානයට පත්වූ සී. ආර්. පිල තරග 16 දී තරග අටක් ජය ලබා ප්‍රසාද ලකුණු 54 ක් ලබාගත්තේය. 

අවසන් තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී. ආර්. පිල ලකුණු 23-12 ක් ලෙස පෙරමුණේ පසුවිය. 

මෙහිදී ජයග්‍රාහි සී.ආර්. පිලට තරින්ද රත්වත්තේ සහ රීසා රෆයිඩීන් උත්සාහක දිනුම් දෙක බැගින් ද, වජීඞ් ෆවුමි උත්සාහක දිනුමක් ද, එකතු කිරීමට සමත් වූහ. තරින්ද රත්වත්තේ දඩුවම් පහර තුනක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගත් අතර රීසා රෆියිඩීන් ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කළේය. 

සී.එච්. පිලට අවිෂ්ක ලී, සුදම් සූරියආරච්චි, සුදර්ශන මුතුතන්ත්‍රි, සේනක හේරත් සහ නිෂෝන් පෙරේරා උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. සැමුවෙල් මධුවන්ත ගෝල ප්‍රවර්ථන හතරක් සාර්ථක කළේය. 

in-1

in-2

in-3

 -048

ඡායාරූප : ප්‍රියන්ත වික්‍රමාරච්චි


අදහස් (0)

තෙවැනි තැන සී. එච්. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.