Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner නවකයන් කණ්ඩායමේ සිටීම වාසියක්

නවකයන් කණ්ඩායමේ සිටීම වාසියක්

Nisanka Sandeepani - 2017 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි සංගමයේ සංවිධානයෙන් මැලේසියාවේ ඉපෝහිදී ලබන ඉරිදා ආරම්භ වන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලට නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටීම වාසියක් යැයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉහළ දක්‍ෂතා පිළිබඳ අධ්‍යක්‍ෂ ඉෆ්ති මරික්කාර් මහතා පැවසීය. 

‘ලංකාදීප’ය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් මරික්කාර් මහතා මෙසේ ද පැවසීය. 

“මම හිතනවා මේ කණ්ඩායම ගොඩක් හොඳයි කියලා. කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් නවයක්, දහයක් විතර ඉන්නවා. මොකද ඒ ක්‍රීඩකයෝ ස්ථානය තහවුරු කර ගන්න දස්කම් අතරට එන්න තමයි උත්සහ කරන්නේ. මම හිතනවා ඒක වාසියක් කියලා”

“ඇත්තම කිව්වොත් අපේ කණ්ඩායම තරගවලට සහභාගි වෙලා නැති නිසා කණ්ඩායම ගැන දැම්ම කියන්න බෑ. ස්ක්‍රම්, ලයින් අවුට් අපි හොඳමට කරන්න ඕනේ. එවිට පසු පෙළට පහසු වෙනවා”

“තරගයක් ජය ගන්න ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගෙන් ඉතාමත් වැඳගත්. ඉදිරි පෙළ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන ආකාරයට තමයි පසු පෙළ ක්‍රීඩා කරන ආකාරය තීරණය වෙන්නේ. අපේ තර්ඞ් රෝ එකේ සම්පූර්ණයේම නවක ක්‍රීඩකයන් ඉන්නේ. මම හිතනවා ඒ නිසා අපිට වේගය තියෙයි කියලා”

“මම හිතන්නේ පිලිපීනය, මැලේසියාව සහ එක්සත් අරාබි රාජ්‍ය යන කණ්ඩායම් තුනම පහසු නෑ. එක්සත් අරාබි කණ්ඩායමට විදේශිකයොත් ක්‍රීඩා කරනවා”

මෙම තරගාවලිය සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව මරික්කාර් මහතා මෙසේ පැවසීය. 

“විශේෂයෙන්ම අපිට ප්‍රශ්නයක් වුණා නම් වුණේ සූදානම් වෙන්න කාලය මදිවීමයි. මේ කණ්ඩායමට පුහුණුව මදී. පෙරබරවාරි අග අපේ අන්තර් සමාජ තරගාවලිය අවසන් වුණා. මේ කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කළේ මී සති දෙකකට පමණ පෙරයි”

“අපේ ඉහළ දක්‍ෂතා වැඩසටහන යටතේ පසුගිය වසරේ අපි සැළසුමක් හැදුවා පුළුවන් තරම් කලින් ක්‍රීඩකයන් තෝරා ගන්න. නොවැම්බර් අග වන විට ක්‍රීඩකයන් කණ්ඩායමේ ස්ථානය අනුව ශ්‍රේණිගත කරන්න”

“ඒ අනුව එක ස්ථානයකට ක්‍රීඩකයන් තුනක් හෝ පහක් තෝරාගෙන ඔවුන් සමඟ සාකච්ඡා කරලා කළයුතු වෙනස්කිරීම් සහ දියුණු කිරීම් කරන්න තමයි සැළසුම් කරලා තිබුණේ. ස්ථාන 15 ටම එහෙම කළා නම් අපිට මේ වන විට ගොඩක් දේවල් කරන්න නෑ”

“කණගාටුදායක සිද්ධිය තමයි ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් නිදහස් කළේ නෑ. ජාතික කණ්ඩායමට සතියකට දිනයක පුහුණුවට ක්‍රීඩකයන් ආවේ නෑ. ඒකයි වුණේ”

“ඉන් පසුව අපිට සත් සමාජික කණ්ඩායමේ වැඩසටහනට සහභාගි වෙන්න වුණා. සත් සාමාජික කණ්ඩායමට වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රධාන කණ්ඩායම පිළිබඳව අවධානය ටිකක් අඩු වුණා” යැයි මරික්කාර් මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිල ඊයේ පෙරවරුවේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර අද (11) රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි.  

 


අදහස් (0)

නවකයන් කණ්ඩායමේ සිටීම වාසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.