Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner නාවික හමුදාවට 29-14 ක ජයක්

නාවික හමුදාවට 29-14 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ තරගයකදී රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද  (07) පැවැති තරගයේදී නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු 29-14 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ. 


මෙය නාවික හමුදා පිල මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජයග්‍රහණය වේ. 


දෙවැනි අර්ධයේ මිනිත්තු 37 ක් දෙපිලම ලකුණු රැස්කිරීමට අපොහොසත්වීම කැපී පෙනුණි. එහිදී නාවික හමුදා පිල සිය ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂාකරගැනීමේ පියවරක් අනුගමන කළේය. 


නාවික හමුදා පිලට දෙවැනි අර්ධයේ 37 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර අවස්ථාව චතුර සෙනෙවිරත්න සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 29-14 ක් බවට පත්විය. 


රදීෂ සෙනෙවිරත්න පළමු අර්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී නාවික හමුදා පිලට තවත් උත්සාහක දිනුමක් එකතු කළ අතර චතුර සෙනෙවිරත්න එයට අතිරේක ලකුණු කළේය. ඒ අනුව ලකුණු 26-14 ක් ලෙස නාවික හමුදාව පළමු අර්ධයේදී ලකුණු 12 ක වාසියක් ලබාගැනීමට සමත් විය. 


පළමු අර්ධයේ 36 වැනි මිනිත්තුවේදී පුෂ්පකුමාර සමරහේවා, යුද හමුදාවට එකතු කළ උත්සාහක දිනුමට ගයාන් සාලින්ද අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුනු තත්ත්වය 19-14 ක් බවට පත්විය.  


රදීෂ සෙනෙවිරත්න 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සහක දිනුම චතුර සෙනෙවිරත්න ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ නාවික හමුදාව ලකුණු 19-7 ක් ලෙස පරතරය වැඩිකළේය.  


නාවික හමුදා පිලේ තාවකාලික නායක රිචී ධර්මපාල 21 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කිරීමත් සමඟ ලකුණු 12-7 ක් ලෙස නාවික හමුදාව වාසිය හිමිකරගත්තේය. 


නාවික හමුදා පිලේ මොහොමඞ් අබ්ෂාල් 15 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට චතුර සෙනෙවිරත්න අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-7 ක් ලෙස සම විය. 


අරවින්ද කරුණාරත්න තරගයේ පස්වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ගායාන් සාලින්ද ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ යුද හමුදා පිල ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.  


හෙට  සහ අනිද්දා තරග කාලසටහන (පස්වරු 4.00)

● 08 වැනිදා - සී. ආර්. පිල සහ හැව්ලොක්ස් පිල අතර සී. ආර්. පිටියේදී

● 09 වැනිදා - මහනුවර පිල සහ සී. එච්. පිල අතර නිත්තවෙල පිටියේදී 

● 09 වැනිදා - පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී 

ඡායාරූප - ඉෂාන් සංජීව

 


අදහස් (0)

නාවික හමුදාවට 29-14 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.