Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වින්ග් කී‍්‍රඩක ඇඩම් ඈෂ්ලි කූපර්ගේ අතිවිශිෂ්ඨ උත්සාහක දිනුම් තුනට ස්තුති වන්නට ආජන්ටිනාවේ පූමාස්ලාට එරෙහිව පැවැති ලෝක කුසලාන රග්බි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 29-15 ක ජයක් අත්කරගත් ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලා නවසීලන්තය සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.
තරගමාලාවේ දෙපිලටම විවෘතව තිබූ මෙම තරගය නැරඹීමට කී‍්‍රඩාලෝලීන් 80,000 කට අධික සංඛ්‍යාවක් ඊයේ (25 වැනිදා) ලන්ඩනයේ ට්වීකන්හැම් කී‍්‍රඩාංගණයට රැස්ව සිටියහ. මෙම තරගය පේ‍්‍රක්ෂයකයන්ට විනෝදයත්, කුතුහලයත් අඩු නැතිව ලැබූ තරගයක් බවට පත්වූ අතර දෙපිලේහිම කී‍්‍රඩකයන්ට තම තමන්ගේ දස්කම් මැනවින් පරික්ෂා කරබැලීමේ අවස්ථාව ද ලැබුණු එකකි.
සිය රග්බි ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගමාලාවක අවසන් පූර්ව වටයට සේන්දු වූ ආජන්ටිනා පිලේ දස්කම් දැකබලා ගැනීමට පැමිණ සිටි හිටපු විශිෂ්ට පාපන්දු කී‍්‍රඩක ඩියාගෝ මැරඩෝනා කී‍්‍රඩාගාරයේ සිට වරින් වර ‘පූමා...පූමා....‘ හඩ නගමින් ඔල්වරසන් දෙන්නට විය. ආජන්ටිනා පිල අවසන් පූර්ව වටයට එන්නේ නම් එම තරගය නැරඹීම සඳහා තමන්ද එන බවට මැරඩෝනා පොරොන්දු වී තිබිණ.
ලෝක කුසලාන රග්බි තරගමාලාවක අවසන් පූර්ව තරගයකට කිසිදිනෙක කී‍්‍රඩා කර නැති පූමාස්ලා ආරම්භයේ සිටම කී‍්‍රඩා කළේ තරමක චකිතයකින් යුතුවය. එය දෙගුණ තෙගුණ වූයේ තරගයේ පළමු මිනිත්තු දහය තුල උත්සාහක දිනුම් දෙකක්ම වාර්තා කිරීමට වොලබීස්ලා සමත්විමත් සමගය.
තරගය ආරම්භ වී තත්පර 68 ක් ගතවෙද්දී අනපේක්ෂිත ලෙස වොලබීස්ලා තැබූ උත්සාහක දිනුම ලෝක කුසලාන තරගමාලාවේ වඩාත්ම වේගවත් උත්සාහක දිනුම ලෙස වාර්තාපොතටත් ගියේය.
එය සිදුවූයේ ආජන්ටිනා කණ්ඩායම් සීමාවේ සිට පන්දුව රැගෙන ඉදිරියට දිවගිය නිකොලස් සැන්චේස් සිය සගයාට පිරිනැමූ පන්දුව ඔහු අතට යාමට පෙර වොලබීස්ලාගේ ලොක් කී‍්‍රඩක රොබ් සිමන්ස් සිය දිගු දෑත් දමා ඩැහැගැනීම නිසාය.
මේ අනපේක්ෂිත සිදුවීමෙන් එතෙක් එක පෙළට ඉදිරියට දිවයමින් සිටි පූමාස්ලා අන්දමන්දවී ගිය අතර සිමන්ස්ගේ ගමන්මග වැළක්වීමට ඔවුන් ආපසු හැරෙන විටත් ඔහු ඉතා වේගයෙන් මීටර් 30 ක් දිවගොසින් සීමා ඉර වෙත කිට්ටුවී හමාරය.
අනතුරුව ‘අයිස් මෑන්‘ නමින් ප‍්‍රචලිත ඔවුන්ගේ උකුසු ඇස් හිමි ෆ්ලයි හාෆ් කී‍්‍රඩක බර්නාඞ් ෆෝලේගේ නොවරදින ඉලක්කයෙන් එය ගෝලයක් බවට පත්කරගත් වොලබීස්ලා ලකුණු 7-0 කින් පෙරමුණ ගත්හ. තරගය පුරා උත්සාහක දිනුම් තුනක් වාර්තාකළ කූපර්ගේ පළමු උත්සාහක දිනුම තැබුවේ ඊට මිනිත්තු 8 කට පසුවය.
ස්ක‍්‍රම් පොදියකින් පන්දුව උදුරාගත් ෆෝලේ ඉතා සාර්ථකව පිරි නැමූ පන්දුව රැගෙන පසුපස නොබලා දිව ගිය කූපර් එය පූමාස්ලාගේ සීමා ඉරට ඔබ්බෙන් තබනතුරු නැවතුණේම නැත. පිටියේ දකුණු මායිමෙන් තැබූ මේ උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කිරීමේ අභියෝගය සතුටින් බාරගත් ෆෝලේ සිය විස්මිත පහරින් පන්දුව ගෝල් කණුව අතරින් ඇදීයාමට සැලස්වූයේ කී‍්‍රඩාලෝලීන්ගේ දෑස් විසල් කරමිනි. මිනිත්තු 10 තුල වොලබීස්ලා ගෝල් දෙකක්ම ලබාගනිද්දී නළල් තල රැළි ගන්වාගත් පූමාස්ලා ලබා සිටියේ දඩුවම් පහරකින් ලද ලකුණු 3 ක් පමණි.
ඊළග මිනිත්තු 15 ක් පුරාම පූමාස්ලාට සිදුවූයේ උත්සාහක දිනුම් පිපාසයෙන් පෙළෙන වොලබීස්ලාගේ මුරණ්ඩු ස්වභාවය පාලනය කරගැනීමට උත්සාහ කිරිමටය. කෙසේ හෝ ඒ කාලය තුල හිතුවක්කාර කී‍්‍රඩා විලාශයක් පෙන්වූ වොලබීස්ලාගේ නිතිවිරෝධි හැසිරීමක් මත දෙවැනි දඩුවම් පහරත් සාර්ථක කර ගැනිමට ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලස් සැන්චේස් සමත්විය.
එහෙත් ලකුණු 14-6 කින් පසුබා සිටි පූමාස්ලා තවත් අසරණ කරමින් 25 වැනි මිනිත්තුවේ දි ඔවුන්ගේ ලොක් කී‍්‍රඩක තෝමස් ලැවනිනි කහ කාඞ් පතේ දඩුවමකට ලක්වී පිටියෙන් ඉවත්වීම ඊයේ තරගයේ මතභේදාත්මක සිදුවීමක් විය.
ආජන්ටිනා සීමාවේදී දෙපිලේ කී‍්‍රඩකයන් එක පොදියට පන්දුව සමග පොරබදද්දී ඕස්ටේ‍්‍රලියානු පිලේ ඉස්ශ‍්‍රායෙල් ෆොලාවුට දරුණු කකුල් මාට්ටුවක් දැමූ බැව් කියමින් තරග තීරක වේන් බාර්ස් ඔහුට කහ කාඞ් පත ඇද දුන්නේ රූපවාහිනී නිරීක්ෂණ නිලධාරීයා වූ බෙන් ස්කීන්ගේ (ටී.එම්. ඕ.) සහයත් ලබා ගනිමිනි.
එහෙත් එය ආජන්ටිනා කී‍්‍රඩකයන්ගේ පමණක් නොව කී‍්‍රඩාලෝලීන්ගේ ද සරදමට තරග තීරකවරයා පත්වීමට හේතුවිය. මේ සිදුවීමත් සමග කී‍්‍රඩාංගණය සිසාරා තරග තීරකවරයාට ලැබුණු හූ හඩ මිනිත්තු කිහිපයක් පුරාම පැවැතිණි.
කී‍්‍රඩකයන් 14 දෙනකුගෙන් තරගය ඇදගෙන ගිය පූමාස්ලාට වොලබීස්ලාගෙන් එල්ලවූයේ සුලූපටු අභියෝගයක් නම් නොවිය. වොලබීස්ලාගේ එකම අරමුණ වූයේ පීඩාවට පත්ව සිටින මේ පූමාස්ලාට එරෙහිව පළමු භාගය නිමාවීමට පෙර හැකිතාක් උත්සාහක දිනුම් ප‍්‍රමාණයක් ලබාගනිමින් ඔවුන් එහෙම පිටින්ම සල්ලම් කිරීමටය.
අවසානයේ පළමුභාගය නිමාවීමට මිනිත්තු 9 කට පෙර එය සාර්ථක කරගැනීමට වොලබීස්ලා සමත්වූහ. එහෙත් 31 වැනි මිනිත්තුවේ දි කූපර් සිය දෙවැනි උත්සාහක දිනුම තබන්නට පූමාස්ලා සමග සෑහෙන සටනක් කිරිමට සිදුවී තිබිණි.
ඔවුන්ගේ සීමා ඉර ආසන්නයට ගියත් පිටියේ වම් පස සහ දකුණු පස එක පෙළට සිටි තම සගයන් අතර දෙපැත්තට පන්දුව හුවමාරු කරගැනිමට වොලබිස්ලාට සිදුවූයේ කිසිවකුට පන්දුව රැුගෙන සීමා ඉරට ඔබ්බෙන් පැනිමට පූමාස්ලා ඉඩනොදුන් නිසාය. එහෙත් අවසානයේ ඒ සටනින් පූමාස්ලා වෙහෙසට පත් කොට උත්සාහක දිනුමක් තැබීමට වොලබීස්ලා සමත්වුහ. ඊට මිනිත්තු හතරකට පසුව සැන්චේස් සිය තුන්වැනි දඩුවම් පහරත් සාර්ථක කරගත්තත් තරගයේ පළමුභාගය නිමාවෙද්දී ලකුණු 19-9 කින් පෙරමුණ ගැනිමට වොලබීස්ලා සමත්වූහ.
මෙවර තරගමාලාව පුරාම වොලබීස්ලා ස්ක‍්‍රම් පොදියේ දී ඒ හැටි හපන්කමක් කිරිමට අසමත්වීම ඊයේ තරගයේ දීත් පැහැදිලිවම දක්නට ලැබුණු අතර වැඩි වැඩ කරන්නට ගොසින් දෙවැනි භාගයේ ආරම්භයේදීම ඔවුන් පූමාස්ලාට තවත් දඩුවම් පහරක් පිරිනැමූහ. ඊට මිනිත්තු තුනකට පසුව ලැබූ දඩුවම් පහරක් සාර්ථක කරගත් ෆෝලේ සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 22-12 කින් ඉදිරියට ගෙන ගියේය.
54 වැනි මිනිත්තුවේ දී සිය පස්වැනි දඩුවම් පහරත් සාර්ථකව එල්ල කළ සැන්චේස් දෙපිල අතර ලකුණු පරතරය 22-15කින් අඩුකර ගැනීමට සමත්වීම කැපී පෙනුණි.
අනතුරුව මේ දරුණු ප‍්‍රතිවාදීන්ට එරෙහිව උත්සාහක දිනුමක් තැබීමේ අදහස අතහැර දමා ඔවුන් වෙතින් ලැබෙන ප‍්‍රසාද දීමනා හෙවත් දඩුවම් පහර බලාපොරොත්තුවෙන් තරගයේ ඉතිරි කාලයේ බලා සිටීමට අධික ලෙස හෙම්බත්වූ පූමාස්ලාට සිදුවී තිබිණි.
කූපර් සිය තුන්වැනි උත්සාහක දිනුම තැබුවේ තරගය නිමාවීමට මිනිත්තු 9 ක් ඉතිරිව තිබියදීය. සිය ආරක්ෂක කලාපය ශක්තිමත්ව තබාගන්නා ගමන්ම ආක‍්‍රමණශීලී ලෙස ප‍්‍රතිවාදියාට මුහුණදුන් වොලබීස්ලා හමුවේ අන්තිම මොහොත වනතුරු නැගී සිටිීමට තරම් දිරියක් පුමාස්ලාට තිබුණේම නැත.
දැන් අවසන් සටන ඇත්තේ වොලබීස්ලා සහ ඕල් බ්ලැක්ස්ලා අතරය. දෙපිලම වෙබ් එලිස් කුසලානය දෙවතාවක් දිනා ඇති අතර එක් වතාවක් අනුශූරයන් ද වී ඇත. එබැවින් ලබන 31 වැනිදා වෙබ් එලිස් කුසලානය දිනාගන්නා කණ්ඩායම කොහොමටත් ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම බවට පත්වනු ඇත.
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.