Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ පස්වැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් පිටියේදී අද (09) පස්වරුවේ පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 28-19 කින් ගුවන් හමුදාව පරාජය කිරීමට සමත් වූහ.
මෙම පොලිස් පිල මෙවර තරගාවලියේ ලැබූ පළමු ජය වන අතර මෙම තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය. මෙහිදී ගුවන් හමුදා පිලෙන් අතපසුවීම් රැසක් දැකගත හැකි වූ අතර ඒවා නොවුනේ නම් මීට වඩා තරගයක් දීමේ අවස්ථාව තිබුණි.
පොලිස් පිලට 34 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර යොහාන් පීරිස් සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 28-19 ක් බවට පත්ව ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණියේය. රසිත් සිල්වා 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ජනිත් චන්දිමාල් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ පොලිස් පිල ලකුණු 25-19 ක් ලෙස පරතරය ලකුණු 6 ක් බවට පත්කර ගත්තේය.
දෙවැනි අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර චරිත් සෙනෙවිරත්න සාර්ථක කිරීමෙන් ගුවන් හමුදාව ලකුණු 19-18 ක් ලෙස ඉදිරියට පැමිණීමෙන් තරගය වඩාත් උණුසුම් විය.
සුජාන් කොඩිතුවක්කු 11 වැනි මිනිතත්ුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ පොලිස් පිල ලකුණු 18-16 ක් ලෙස නැවතත් පෙරමුණට පැමිණියේය.
දෙවැනි අර්ධයේ පළමු මිනිත්තුවේදීම තිළිණ බණ්ඩාර සම්පූර්ණ කළ උත්සාහක දිනුමට චරිත් සෙනෙවිරත්න අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ගුවන් හමුදා පිල පළමු වරට ලකුණු 16-13 ක් ලෙස පෙරමුණ ගත්තේය.
පොලිස් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-9 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ.
ගුවන් හමුදා පිලට 37 වැනි මිනිතත්ුවේදී ලැබුණු දඩුවම් පහර චරිත් සෙනෙවිරත්න සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 13-9 ක් බවට පත්විය.
සූජාන් කොඩිතුවක්කු පැති රේඛාවේ ගුවනේ තිබූ පන්දුව ලබාගෙන ප්‍රතිවාදීන් අන්දමන්ද කරමින් 30 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කළේය. ඒ අනුව ලකුණු තත්ත්වය 13-6 ක් බවට පත්විය.
ගුවන් හමුදා පිලට 12 වැනි සහ 23 වැනි මිනිත්තුවලදී ලැබුණු පහසු දඬුවම් පහර දෙක චරිත් සෙනෙවිරත්න සාර්ථක කිරීමෙන් ලකුණු පුවරුව 8-6 ක් බවට පත්විය.
ගුවන් හමුදා ක්‍රීඩකයෙක් ගෝල සීමාව ඔන්න මෙන්න තිබියදී පන්දුව රැකගෙන පා පහරක් වෙනුවට හුවමාරුව තෝරාගැනීමේ වාසිය ලබාගත් රොමේෂ් ආචාරිගේ පන්දුව ගෝල කණු අතර තැබීමත් සමඟ පොලිස් පිල ලකුණු 8-0 ක් ලෙස පරතරය වැඩිකරගත්තේය.
විනිසුරු ඩිංගා පීරිස් මහතාගේ පළමු නළා හඩින් මිනිත්තු දෙකක් ගතවීමටත් පෙර පොලිස් පිලට ලැබුණු දඬුවම් පහර සාර්ථක කළ සචිත් සිල්වා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.