Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය පුරාම ජයග්‍රහණයක් නොලද කණ්ඩායම් දෙක බවට පත්වී සිටි පොලිස් කණ්ඩායම සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර ඊයේ පැවැති තරගය ලකුණු 45-26 කින් ජයගත් පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය අත්පත් කරගැනීමට සමත්විය.
කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 26-0 කින් පෙරමුණ ගැනීමට පොලිස් කණ්ඩායම සමත්වීම කැපී පෙනුණි.
තරගයේ පළමු භාගය පුරාම රිසිසේ සිය අණසක පතුරුවා හැරිය පොලිස් කණ්ඩායමට උදාර ගයාන්, නිරෝෂන් සිල්වා, සුජාන් කොඩිතුවක්කු සහ රීසා රෆායිඩීන් උත්සාහක දිනුම් ගෙන දුන් අතර ඉන් 3 ක්ම ගෝල බවට පත් කිරීමට රජිත සන්සෝනි සමත්විය. එසේ වුවත් දෙවැනි භාගයේදී සිය තරග රටාව වෙනස් කළ සී.එච්. පිල පොලිස් කණ්ඩායමට අභියෝගයක් එල්ල කරමින් ලකුණු අතරට පිවිසීම කැපී පෙනුණි.
දෙවැනි භාගය ආරම්භයේදීම චාල්ස් ප්‍රවීන් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ සන්සෝනි පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 33 දක්වා ඉහළට ඔසවා තැබූ අතර ඊට මොහොතකට පසුව උදාර මධුසංඛ තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ විශ්ව දිනේෂ් සී.එච්. පිලට ලකුණු 7 ක් ගෙන දුන්නේය. ඉන් අනතුරුව පිට පිට තවත් ගෝල 2 ක් රැස් කරමින් ලකුණු 33-21 කින් ලකුණු පරතරය අඩු කරගැනීමට සී.එච්. පිල සමත්විය.
එහෙත් සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ රීසා රෆායිඩීන් සහ සුජාන් කොඩිතුවක්කු පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 45 දක්වා ඉහළ දැමීමට සමත්වූයේ ඉන් එක් උත්සාහක දිනුමක් සන්සෝනි ගෝලයක් බවට පත් කිරීමෙනි. අවසන් මොහොතේ දී ප්‍රභාත් නිශ්ශංක උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් තරගයේ වෙනසක් කිරීමට සී.එච්.පිලට එය ප්‍රමාණවත් නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.