Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව පෙරේදා (17) පැවැති තරගය ජය ලැබීමේ ශක්තිය තම ක්‍රීඩකයන්ට තිබේ යැයි සියයට දෙසියක විශ්වාසයක් තිබූ බව ශ්‍රී ලංකා පිලේ නායක රොෂාන් වීරරත්න තරගයෙන් පසුව ‘ලංකාදීප’යට පැවසීය.
නායක රොෂාන් වීරරත්න ජයග්‍රහණයෙන් පසුව වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“පළමු අර්ධයේ අපේ සැළසුමට එන්න ටිකක් අමාරු වුණා. අපේ සැළසුම වුණේ එක්සත් අරාබි ක්‍රීඩකයන්ට එරෙහිව දුවලා ලකුණු ලබා ගන්නයි. නමුත් පළමු අර්ධයේදී ඒක සාර්ථක කරගන්න බැරි වුණා. අපි දෙවැනි අර්ධයේදී 75% ක් පමණ සාර්ථකව කළා. ඒ නිසා ජයග්‍රහණයෙන් අවසන් කරන්න හැකි වුණා”
“මේ තරගයේදී ප්‍රසාද ලකුණත් ලබා මැලේසියාවට එරෙහිව තරගයට යන්න හැකිවීම පිළිබඳව ගොඩක් සතුටුයි. පළමු තරගයේදී එය කරගන්න බැරි වුණා. නමුත් මේ තරගයේදී අපිට ප්‍රසාද ලකුණ ලබා ගැනීමේ හැකියාව ලැබුණා”
පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් එක්සත් අරාබි පිල ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාවට ආසන්නව සිටීම පිළිබඳව වීරරත්න මෙසේ පැවසීය.
“ප්‍රතිවාදී අන්තයේ සිට ඒ අවස්ථාවේ අපේ පැත්තටයි පන්දුව ආවේ. මම කොහොමත් හිතුවේ නෑ උත්සාහක දිනුමක් තියයි කියලා. ඒත් පළමු අර්ධය අවසන් වන විට 18-17 කින් අපි ඉදිරියෙන් සිටියා. මට මගේ ක්‍රීඩකයෝ ගැන සියයට දෙසියක විශ්වාසයක් තිබුණා. කිසිඳු බයක් තිබුණේ නෑ. ජය ගන්න පු`ඵවන් කියන හොඳ විශ්වාසය මට තිබුණා”
මෙහිදී ෆාෂීල් මරීජා සම්පූර්ණ කළ තීරණාත්මක උත්සාහක දිනුම පිළිබඳව නායකයා අදහස් දැක්වීය.
“මම ෆාෂිල්ව දන්නවා. මම අවුරුදු ගාණක් ඔහුත් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා. ෆාෂිල් දෙයක් කියද්දී මම දන්නවා මොකක්ද වෙන්නෙ කියලා. ඔහුත් මාත් අතර තරගය අවස්ථාවේදී හොඳ සම්බන්ධයක් තිබුණා. ඒ නිසා මම දැනගෙන හිටියා ඔහු විශේෂ දෙයක් කරයි කියලා”
තරගය ආරම්භයේදී වේගවත් ක්‍රීඩකයකු වන ධනුෂ්ක රංජන්ගේ සේවය නොලැබීම පිළිබඳව වීරරත්න මෙසේ පැවසීය.
“ධනුෂ්ක රංජන් පළමු අර්ධයේදීම අහිමිවීම ලොකු පාඩුවක් වුණා. නමුත් නිෂෝන් එම ස්ථානයට ආපු නිසා පාඩුවක් දැනුණේ නෑ”
ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ෆීජි ජාතික විරෙබුලා ෆිරිටි මහතා මහතා තරගයෙන් පසුව පැවසුවේ මෙම ජයග්‍රහණය පිළිබඳව තමන් පුදුමටය පත් නොවන බවයි.
“මෙම තරගයේ පළමු අර්ධයේදී තරමක් අමාරු වුණා තමයි. මේ තත්ත්වයට මුහුණ දෙන්න අපි හොඳින් සූදානම් වෙලා හිටියා. සැළැස්මට අනුව සියලුම ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කළා” යැයි පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අවසන් තරගය හෙට (20) පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.