Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුපුරුදු දස්කම් දැක්වීමේ රහස රග්බි ක්‍රීඩාවට කළ කැපකිරීම බව මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාෂීල් මරීජා දෙවැනි තරගයෙන් පසුව පැවසීය.
මෙම තරගාවලියෙන් පසුව ප්‍රධාන රග්බි පිලෙන් සමුගන්නා මරීජා ‘ලංකාදීප’ය සමඟ විශේෂ සාකච්ඡාවකට සම්බන්ධවෙමින් මෙසේ ද පැවසීය.
“මම ඒදා වගේම අදත් දස්කම් අතර ඉන්නේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් කරලා තියෙන කැප කිරීම නිසයි. වෙන හේතුවක් නෑ”
“මෙම තරගාවලියේ මැලේසියාවට එරෙහිව පැවැත්වෙන අවසන් තරගයත් හොඳට ක්‍රීඩා කරලා ප්‍රධාන කණ්ඩායමෙන් සමුගන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ”
එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිලට එරෙහිව සැළසුම්සහගතව ක්‍රීඩා කළ අකාරය මෙහිදී මරීජා විස්තර කළේය.
“මම එම කණ්ඩායමේ සිටි දැවැන්ත ක්‍රීඩකයන් වගේ ක්‍රීඩකයොත් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා. අපිට පළමු විනාඩි 15 හෝ 20 තමයි ඔවුන්ව පාලනය කරගන්න ඕන වුණේ. ඊට පසුව සෙමින් සෙමින් ඉදිරියට ඇවිල්ලා ගහන්න පු`ඵවන්. අපේ සැළැස්ම වුණෙත් පළමු විනාඩි 20 ඉදිරියෙන් ඉන්න. ඊට පසුව සෙමින් ගිහින් තරගය ජය ගන්න”
“අපේ සැළසුම තිබුණේ ඒ ක්‍රීඩකයෝ ශරීර ප්‍රමාණයෙන් විශාල නිසා ක්‍රීඩාංගණයේ කොන් දෙකෙන් ක්‍රීඩා කරන්න. ඒක සාර්ථක වුණා. අපි මේ සියලු දෙනා ගොඩක් කල් එකට ක්‍රීඩා කරලා තියෙනවා. මට ඒ අවබෝදය තියෙනවා. අත්දැකීම් එක්ක තමයි එය සාර්ථක වුණේ” යැයි තීරණාත්මක උත්සාහක දිනුම පිළිබඳව මරීජා පැවසීය.
“අපි තනි තනියෙ ක්‍රීඩා කළේ නෑ. කණ්ඩායමක් හැටියටයි ක්‍රීඩා කළේ. කණ්ඩායමේ ක්‍රීඩකයෝ 22 කම හොඳට ක්‍රීඩා කිරීම නිසා තමයි අපි ජය ලැබුවේ”
“අපේ දක්‍ෂතාව හදලා තියෙනවා. සෙසු කණ්ඩායම්වලට වඩා ශක්තිය හොඳයි. ඒ වගේම වේගය තියෙනවා. අපි ක්‍රීඩා කළේ අපේ පුහුණුකරුවො දිපූ සැළැස්මට තමයි”
දැඩි හිරු රෂ්මිය මධ්‍යයේ ක්‍රීඩා කිරීමේ රහස ද මරීජා මෙහිදී හෙළි කළේය.
“දවල් 2 ට තරගය පැවැත්වුණේ. අපි ලංකාවේදී ඒ වෙලාවේ පුහුණුවීම් කිරීම නිසා එය අපිට පහසුවක් වුණා. මම හිතන්නෙ නෑ එක්සත් අරාබි කණ්ඩායම ඒ වෙලාවට පුහුණුවීම් කරලා ඇති කියලා. අපේ ශාරීරික යෝගතාව හොඳයි, ඒ නිසා තමයි දෙවැනි අර්ධයේ අපි සාර්ථක වුණේ”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.