Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මොබිටෙල් පිල කුසලාන ශූරතාව දිනාගනී

මොබිටෙල් පිල කුසලාන ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සොෆ්ට්ලොජික් වොරියර්ස් පිලට එරෙහිව පැවැති අවසන් තරගයේ දෙවැනි භාගයේ අවසන් මොහොතේදී තරින්ද රත්වත්ත තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් ද්විත්වය හේතුවෙන් ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියරේ කුසලානය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සමත්විය.  

ජයග්‍රාහී මොබිටෙල් ඊගල්ස් පිල ගෝල් 3 ක් ලබාගත් අතර සොෆ්ට්ලොජික් වොරියර්ස් පිලට ගෝල 2 ට සීමා විය.

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් ඊයේ සහ පෙරේදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු භාගය නිමවනවිටත් ලකුණු 14-7 කින් පෙරමුණ ගැනීමට සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායම පෙරමුණේ විය.

දෙපිලම කරට කර සටනක නිරතවූ අතර පළමු උත්සාහක දිනුම ලබාගැනීමට මොබිටෙල් ඊගල්ස් පිලේ ෆිජි ක්‍රීඩක සෙටෆානෝ කැකවුනිවාලූ සමත්විය. එය දුලාජ් පෙරේරා ගෝලයක් බවට පත්කිරීමෙන් 7-0 ක් ලෙෂ මොබිටෙල් පිල ඉදිරියට ගියේය.

මිනිත්තු කිහිපයකට පසුව සාර්ථකව තරගයට අවතීර්ණ වූ සොෆ්ට්ලොජික් වොරියර්ස් පිලේ නවසීලන්ත ක්‍රීඩක ලූක් මැසිරේවා පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ සැමෝවා ක්‍රීඩක එඞ් ෆිඩෝ ලකුණු 7-7 ක් ලෙසින් තරගය සමකළේය. එහෙත් ජේසන් දිසානායක තැබූ අලංකාර උත්සාහක දිනුමක් නැවත ෆිඩෝ විසින් සාර්ථකව ගෝල කණුව අතරින් රිංගා යවමින් සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල ලකුණු 14-7 කින් ඉහළට ඔසවා තැබුවේය.

දෙවැනි භාගයේදී ප්‍රතිවාදී පිල ඇඳ බැඳ තබාගත් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ තරින්ද ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතරින් රිංගා යමින් පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. එම උත්සාහක දිනුම් දෙකම දුලාජ්ගේ පා පහරින් සාර්ථකව ගෝල බවට ප්‍රවර්ථනය විය.


තරග ප්‍රතිඵල -

■    කුසලාන වටයේ අවසන් තරගයේදී මොබිටෙල් ඊගල්ස් පිල විසින් ලකුණු 21-14 කින් සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල පරාජයට පත් කරන ලදි.

■    පළඟ ශූරතා අවසන් තරගයේදී කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිල විසින් ලකුණු 28-7 කින් ඊසි වූල්ව්ස් පිල පරාජය කරන ලදි.

■    පළිහ ශූරතා අවසන් තරගයේදී වෝකර්ස් වයිපර්ස් පිල විසින් ලකුණු 22-7 කින් ඇක්සස් කිංග්ස් පිල පරාජයට පත් කරන ලදි.

■    බඳුන ශූරතා අවසන් තරගයේදී කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් පිල විසින් ලකුණු 26-21කින් එටිසලාට් පැන්තර්ස් පිල පරාජය කරන ලදි.

 


අදහස් (0)

මොබිටෙල් පිල කුසලාන ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.