Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ සිවුවැනි සතිය යටතේ බම්බලපිටිය පොලිස් පිටියේදී අද (01) පස්වරුවේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 24-18 කින් ප්‍රබල සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.
යුද හමුදා පිල මෙම තරගයට පෙර සහභාගි වූ තරග තුනම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවිය. සී. එච්. පිල තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියේය.
ජයග්‍රාහි යුද හමුදා පිල ගෝල තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. සී. එච්. පිලට ගෝලයකින්, උත්සාහක දිනුමකින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී. එච්. පිල ලකුණු 13-10 ක් ලෙස ලකුණු තුනකින් පෙරමුණේ සිටියේය.
යුද හමුදා පිල දෙවැනි අර්ධයේදී තවත් ගෝල දෙකක් සම්පූර්ණ කරන විට සී. එච්. පිල උත්සාහක දිනුමක් පමණක් සම්පූර්ණ කළේය.
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.