Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner යුද හමුදා පුහුණුකරුට එරෙහිව පරීක්‍ෂණයක්

යුද හමුදා පුහුණුකරුට එරෙහිව පරීක්‍ෂණයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුද හමුදා පිල සහ සී. එච්. පිල අතර පසුගිය සෙනසුරාදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී යුද හමුදා පිලේ පුහුණුකරු විනය විරෝධීව හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ තරග කමිටුව තීරණය කර තිබේ. මෙම තරගය අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තරගයකි.  

යුද හමුදා පිලේ පුහුණුකරුවා මෙම තරගයේදී විනිසුරුවරයා ලෙසින් කටයුතු කළ ප්‍රියා සුරංග මහතාට බැණ වැදුණේ යයි එම තරගයේ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ මාකෝ ද සිල්වා මහතා පැමිණිලි කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි තරගාවලි කමිටු නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඉදිරි දිනවලදී ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන බවත්ය.

දෙවැනි සතියේ තරගවලදී විනය විරෝධීව හැසිරුණේ යැයි කියන ක්‍රීඩකයන් පස් දෙනකු පිළිබඳවද පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතය. එම ක්‍රීඩකයන් අතරට යුද හමුදා ක්‍රීඩකයෝ තිදෙනෙක්, මහනුවර ක්‍රීඩකයෙක් සහ ගුවන් හමුදා ක්‍රීඩකයෙක් ඇතුළත් වෙති.

 


අදහස් (0)

යුද හමුදා පුහුණුකරුට එරෙහිව පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.