Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පීලිපීනයේ මැනිලා නුවරදී පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාව දිනූ ෆසිල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට රුපියල් ලක්‍ෂ 22 කට ආසන්න මුදල් ත්‍යාග පිරිනැමිණ. මෙහිදී් ක‍්‍රීඩකයකුට රුපියල් 75,000 බැගින් වන පරිදි මුදල් ත්‍යාග හිමිවිය.
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි පිල ඇගයීමේ උත්සවයක් ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක සහ ඩයලොග් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකා රග්බි පිලේ අනුග‍්‍රහකයා වන ඩයලොග් සමාගමේ අනුග‍්‍රහයෙන් මෙහිදී ක‍්‍රීඩිකයන්ට සමරු තිළිණ සහ මුදල් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ.
එහිදී අදහස් දැක්වූ ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය හැටියට සියලූම කටයුතු කරන බවයි.
”සියලූම ක‍්‍රීඩා සංගම්වලට නිදහසේ කටයුතු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත් එය ක‍්‍රීඩා නීතියට අනුවයි. අමාත්‍යය හැටියට අපි කරන්නේ අධීක්‍ෂණය කිරීම පමණයි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසුවේ කොරියාව, ජපානය සහ හොං කොං යන ආසියාවේ ප‍්‍රබල කණ්ඩායම්වලට අභියෝගයක් යොමු කිරීමට ශ්‍රී ලංකාවට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.