Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව සිය අවසන් හයකොන් රග්බි තරගය ප්‍රීති ප්‍රමෝදිතව සැමරූ වේල්සයේ පුහුණුකරු වොරන් ගැට්ලෑන්ඞ්ගේ විශ්වාසය එහෙම පිටින්ම රඳවා තැබීමට ඔහුගේ ක්‍රීඩකයෝ කාඩිෆ් නුවරදී සමත් වූහ. කාඩීෆ්හිදී පැවැති තුන්වැනි වටයේ තීරණාත්මක තරගයෙන් ලකුණු 21-13 ක ජයක් වාර්තා කළ වේල්ස් ක්‍රීඩකයෝ අපරාජිතවම (ග්‍රෑන්ඞ් ස්ලෑම්) මෙවර ශූරතාව දිනාගැනීමේ අවස්ථාවට ක්‍රම ක්‍රමයෙන් සමීප වෙමින් සිටිති.
වේල්ස් පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත් අතර එංගලන්තය ගෝලයකින් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු ලබාගත්තේය.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 10-3 කින් පෙරමුණ ගෙන සිටි එංගලන්ත පිල හමුවේ සෑහෙන වේලාවක් දැඩි සටනක නිරතවූ වේල්සයට පුනර්ජීවය ලබාදුන් දෙවැනි පෙළ ක්‍රීඩක කොරී හිල් 68 වැනි මිනිත්තුවේදී තැබූ අනගි උත්සාහක දිනුම ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩැන් බිගර් විසින් ප්‍රවර්තනය කරනු ලැබීමත් සමග කාඩිෆ් නුවර ක්‍රීඩාංගණය වේල්සයේ ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඬින් පිරී ඉතිරී ගියේය.
ඉන් ලැබූ උද්දාමයෙන් තරගයේ ඉතිරි කොටස ශක්ති සම්පන්නව ක්‍රීඩා කළ වේල්සය හිස ඔසවා ගත්තේ ජොෂ් ඇඩම් තැබූ තීරණාත්මක උත්සාහක දිනුම මගිනි.
දෙපිලම තරගය ආරම්භයේ සිට ජයග්‍රහණය හඹා යාමට පටන් ගත් අතර ඕවන් ෆැරල් 17 වැනි මිනිත්තුවේදි සාර්ථක කරගත් දඬුවම් පහරින් ලකුණු 3-0 කින් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්විය. අනතුරුව 23 වැනි මිනිත්තුවේදී වේල්සයේ ගැරත් අන්ස්කොම්බේ දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු සංඛ්‍යාව 3-3 කින් සම කළත් විවේක කාලයට පෙර පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්වූයේ 26 වැනි මිනිත්තුවේදී ටොම් කරී ප්‍රතිවාදී සීමාව තුළට රිංගා ගැනීමට සමත්වීමත් සමගය. ෆැරල් එය සාර්ථකව ප්‍රවර්තනය කරමින් එංගලන්තයට ඉහළට ඔසවා තැබුවේය.
දෙවැනි භාගයේදී පිට පිට දඬුවම් පහර දෙකක්ම සාර්ථක කරගැනීමට ඇන්ස්කොම්බේ සමත්වෙද්දී ෆැරල් එක් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.
මෙය වේල්සය පිට පිට ලැබූ 12 වැනි ජයග්‍රහණය ද විය.
(සැකසුම : මොහාන් ප්‍රනාන්දු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.