Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිවාදීන් අන්දමන්ද කරමින් පළමු භාගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම දෙවැනි භාගයේදී එය ඒ අයුරින්ම රඳවා තබා ගැනීමට අසමත්වීම නිසා ලෝක කුසලාන සත් සාමාජික රග්බිි තරගමාලාවට සුදුසුකම් ගෙන දෙන හොං කොං සත් සාමාජික තරගාවලියේ අද (8) පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් නැමීබියාව හමුවේ ලකුණු 26-14 ක පරාජය විය. මෙම පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට හිස් අතින්ම ආපසු පැමිණීමට සිදුවී තිබේ.
සිකුරාදා ආරම්භ වූ මේ තරගාවලියේ ‘එෆ්’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල මූලික වටයේ පළමු තරගයෙන් චිලී කණ්ඩායම හමුවේ ලකුණු 38-0 කින් පරාජය වූ අතර ඊයේ පස්වරුවේ සත්කාරක හොං කොං පිල හමුවේ ලකුණු 31-5 කින් පරාජයට පත්විය.
මූලික වටයේ තරග තුනම පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා පිලට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දොරටු වැසී ගියේය.
අද තරගයේ මුල් මිනිත්තු කිහිපයේදී ගෝලයක් රැස් කරමින් නැමීබියාව ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීමට සමත්වූවද ජේසන් දිසානායක තැබූ අනගි උත්සාහක දිනුමක් ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 7-7 ක් ලෙස සමකර ගත්තේය. කෙසේවුවත් පළමු භාගයේදී උත්සාහක දිනුමක් තැබීමේ අවස්ථා කිහිපයක්ම ශ්‍රී ලංකා පිලට මඟ හැරී යාම කැපී පෙනුණු අතර උත්සාහක දිනුමක් තැබීමට ධනුෂ්ක රන්ජන් ගත් වෑයම නැමීබියානු ක්‍රීඩකයෝ අවසන් මොහොතේ දී වළකා ගත්හ.
අනතුරුව නැමීබියානු පිල තවත් ගෝලයක් රැස් කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගැනීමට සමත්වූ අතර කරට කර සටනක නිරතවූ ශ්‍රී ලංකා පිල ඊට මොහොතකට පසුව ශ්‍රීනාත් සූරියබණ්ඩාර තැබූ කදිම උත්සාහක දිනුමක් ඔහු විසින්ම ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 14-14 කින් නැවත වතාවක් ලකුණු සංඛ්‍යාව සමකර ගත්තේ ප්‍රතිවාදීන් අන්දමන්ද කරවමිනි.
එහෙත් ඊට මොහොතකට පසුව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට යාමට තම පිලට අවශ්‍යවී තිබූ ලකුණු 5 උත්සාහක දිනුමකින් වාර්තා කිරීමට නැමීබියාව සමත්විය. අනතුරුව ශ්‍රී ලංකා පිල ඇද බැඳ තබාගත් නැමීබියානුවන් තරගය නිමාවීමට පෙර ගෝලයක් වාර්තා කරමින් සිය ලකුණු සංඛ්‍යාව 26 දක්වා ඉහළට ඔසවා තැබුවේය.
කෙසේවෙතත් අද පස්වරුවේ පැවැති අර්ධ අවසන් පුර්ව වටයේදී ස්පාඤ්ඤය හමුවේ ලකුණු 33-0 ක දරුණු පරාජයට මුහුණපෑමට නැමීබියාවට සිදුවිය. සත්කාරක හොං කොං පිල ද ජර්මනිය හමුවේ ලකුණු 14-7 කින් පරාජයට පත්විය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් පුර්ව වටයේ දී චිලී කණ්ඩායම ජර්මනිය සමගත්, පැපුවා නිව්ගිනියානු පිල ස්පාඤ්ඤය සමගත් තරග වැදීමට නියමිතව ඇත.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.