Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්මය ආසියානු රග්බි ශූරතාවලියේ දෙවැනි අදියර ලෙස අද (24) දකුණු කොරියාවේ නැම්ඩොංන්ග් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දකුණු කොරියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බී‘ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙකක් ජයගෙන හෙට පැවැත්වෙන කුසලාන වටයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.
අද උදෑසන ආරම්භ වූ මෙම තරගාවලියේ සිය පළමු තරගයේදී සිංගප්පූරුව ලකුණු 27-5 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මැලේසියාව සමග පැවැති දෙවැනි තරගය ජයගත්තේ ලකුණු 41-5 කිනි. අනතුරුව චීනයට එරෙහිව මූලික වටයේ සිය අවසන් තරගයට එක්වූ ශ්‍රී ලංකාව එහි දී ලකුණු 26-21 කින් පරාජයට පත්වූවත් ‘බී‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන ලබමින් කුසලාන වටයට එක්වූහ.
හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.35 ට පැවැත්වෙන කුසලාන වටයේ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා පිල සත්කාරක දකුණු කොරියාව සමග තරග වැදීමට නියමිතය. දෙවැනි අවසන් පූර්ව තරගය හොංකොං සහ චීනය අතර පැවැත්වෙයි.
ආසියානු රග්බි ශූරතාවලියේ පළමු අදියර ලෙස පසුගියදා හොංකොං නුවරදී පැවැති තරගාවලියේදී කුසලාන වටයේ අවසන් මහා තරගයට එක්වීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර එහිදී හොංකොං පිල හමුවේ පරාජයට පත්වී දෙවැනි තැන අත්කර ගත්තේ ඉතිහාසයේ පළමුවරටය.
ලකුණු 27-5 ක ජයක් ශ්‍රී ලංකාවට හිමිවූ සිංගප්පූරුව සමග පැවැති තරගයේදී නායක ධනුෂ්ක රන්ජන්, කංචන රාමනායක, ශ්‍රීනාත් සුරියබණ්ඩාර, තරින්ද රත්වත්ත සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත්වූ අතර දුලාජ් පෙරේරා එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළේය.
මැලේසියාවට එරෙහිව ලකුණු 41-5 ක ජයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යමින් නායක ධනුෂ්ක රන්ජන්, හිරන්ත පෙරේරා සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 2 බැගින් වාර්තා කිරීම කැපී පෙනුණි. තරින්ද රත්වත්ත එක් උත්සාහක දිනුමක් තැබූ අතර දුලාජ් පෙරේරා උත්සාහක දිනුම් 3 ක් ගෝල බවට පත් කිරීමට සමත්විය.
අද දිනයේ අපරාජිතව ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට තිබූ අනගි අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවූයේ චීනය හමුවේ ලකුණු 26-21 ක නොසිතූ පරාජයක් අත්වීම හේතුවෙනි.
එම තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-12 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූවත් දෙවැනි භාගයේ අභියෝගාත්මක ක්‍රීඩා රටාවක නිරතවූ චීනය ශ්‍රී ලංකා පිල අබිබවා ගියේය. එම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරින්ද රත්වත්ත, සාලිය හඳපාන්ගොඩ සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර තරින්ද, දුලාජ් සහ කංචන ඒවා ගෝල බවට පත් කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.