Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තිළිණ විජේසිංහගේ විශිෂ්ට ක්‍රීඩා විලාශය නිසා ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් පිලිපීනයට එරෙහිව මැලේසියාවේ ඉපෝ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 24-13 ක ජයක් ලැබීය. ජයග්‍රාහි ශ්‍රී ලංකා පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු රැස් කළේය. පිලිපීනයට උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු එකතු විය.
මෙම ජයග්‍රහණයේදී ෆුල්බැක් ක්‍රීඩක තිළිණ විජේසිංහගේ ප්‍රවර්ථනයන්ට අමතරව වේගවත්ව ක්‍රීඩා කිරීමෙන් පිලිපීන පිලේ සැළසුම් වෙනස් කළ ආකාරය දැකගත හැකිවිය. ජාතික කණ්ඩායමේ පළමු තරගාවලියට සහභාගි වන තිළිණ මෙහිදී දඬුවම් පහර 4 ක් සහ ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කරමින් ලකුණු 14 ක් රැස් කළේය.
සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රංජන් සහ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසීල් මරිජා වේගය මෙන්ම පන්දුව යොමු කිරීම මනාව පාලනය කරමින් ජයග්‍රහණයේ වැඩි කොටස්කරුවන් බවට පත්වූහ.
විඟර් ක්‍රීඩක රිචඞ් ධර්මපාල දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතරින් සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීජේසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 21-3 ක් බවට පත්වෙමින් ශ්‍රී ලංකා පිල පිලිපීනයට පහසුවෙන් ළගා විය නොහැකි ස්ථානයකට පැමිණියේය. නායක ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක රොෂාන් වීරරත්න මීටර 40 ක් පමණ දුර සිට පන්දුව ගෝල කණු අසළටම රැගෙන ගිය අතර ඉන් පසුව ධර්මපාල ඉතිරි කොටස සම්පූර්ණ කළේය.
තිළිණ 38 වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරමින් අවසන් ලකුණු සටහන 24-13 ක් බවට පත් කිරීමට සමත් විය. එහෙත් ජස්ටින් කොවිනි දෙවැනි අර්ධයේ 35 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ග්‍රහණයෙන් මිදී වම්පස කොඩිය අසළින් සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් පිලිපීනය ලකුණු 21-13 ක් ලෙස තරමක් සමීප විය.
පිලිපීනයට 29 වැනි මිනිත්තුවේදී නීඞ් ස්ටෙපින්සන් පළමු උත්සාහක දිනුම එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 21-8 බවට පත්විය. තිළිණ විජේසිංහ 21 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරත් සමඟ ලකුණු තත්ත්වය 14-3 ක් බවට පත්ව ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තු ඉහළ නැගුණි.
පිලිපීන පිලට දෙවැනි අර්ධයේ 19 වැනි මිනිත්තුවේ ලැබුණු දඬුවම් පහර විඟර් ක්‍රීඩක කෙවින් ගෝර්ඩන් සාර්ථක කිරීමෙන් ලකුණු පුවරුව 11-3 ක් බවට පත්විය. තිළිණ විජේසිංහ 40 වැනි මිනිත්තුවේදී මීටර 28 ක් ඈතින් සිට සාර්ථක කළ දඩුවම් පහරත් සමඟ ලකුණු පුවරුව 11-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.
ශ්‍රී ලංකා පිලට 36 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර අවස්ථාව තිළිණ විජේසිංහ වෙතින් ගිලිහී ගියේය. තිළිණ 37 වැනි මිනිත්තුවේදී ඩ්‍රොප් ගෝලයකින් එම ලකුණු 3 ලබා ගැනීමට උත්සාහ කළ අතර එය ද අසාර්ථක විය. සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රංජන්, පිලිපීන ක්‍රීඩකයන් කීපදෙනකු අතරින් පැනයමින් 16 වැනි මිනිත්තුවේදී පැති කොඩිය පැත්තට වෙන්නට සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 8 ක් බවට පත්විය.
තිළිණ විජේසිංහ වෙතින් එහි ගෝල ප්‍රවර්ථනය මඟ හැරුණි. ක්‍රීඩාංගණයේ සාමාන්‍ය තත්ත්වයට වඩා සුළං පැවැති අතර තිළිණ පා පහර යොමු කරනවාත් සමඟ සුළං හැමීමෙන් පන්දුව ගෝල කණුවලින් අනෙක් පසට දෝලනය විය. පිලිපීන පිලට 6 වැනි, 12 වැනි සහ 31 වැනි මිනිත්තුවලදී ලැබූුණි දඬුවම් පහර තුන අසාර්ථක වීම ශ්‍රී ලංකාවට වාසිදායක විය.
ශ්‍රී ලංකා පිල තෙවැනි මිනිත්තුවේදී මීටර 10 ක් පමණ සිට ලැබුණු දඬුවම් පහර තිළිණ විජේසිංහ සාර්ථක කරමින් ලකුණු 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.
ඉපෝ ප්‍රදේශයට මේ දිනවල පස්වරුවේ ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තරමක තෙත බරිත තත්ත්වයක පැවතුණ ද එය තරගයට එතරම් බාධාවක් නොවීය. පිලිපීන පිලේ සෙන්ටර් ක්‍රීඩකයකු ලෙස කඵ ජාතික ක්‍රීඩකයකු ක්‍රීඩා කළේය.
ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.