Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි මාලාවේ තෙවැනි සහ අවසන් අදියර ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (14) අවසන් වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලි මාලාවේ මීට පෙර හොංකොංහිදී තෙවැනි ස්ථානය ද, දකුණු කොරියාවේදී හයවැනි ස්ථානයට ද, පත්විය.
පිලිපීන ක්‍රීඩකයෝ තෙවැනි ස්ථානය සඳහා අද පස්වරුවේ පැවැති තරගයේදී ලකුණු 19-7 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූහ.
එහිදී පිලිපීන ක්‍රීඩකයන්ගේ පන්දුව හුවමාරු කිරීමේ වේගය හමුවේ ශ්‍රී ලංකා පිලට පසු බැසීමට සිදුවිය. පිලිපීන ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම ග්‍රහණය රදවා ගනිමින් ලකුණු 14-7 ක් ලෙස පෙරමුණ ගනිමින් පළමු අර්ධය අවසන් කළහ.
පළමු අර්ධයේ 6 වැනි මිනිත්තුවේදී නවීන් හේනකංකානම් කෙටි දුර ධාවන ශූරයකු මෙන් මීටර 60 ක් පමණ දිවයමින් උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර රීෂා රෆයිඩීන් ප්‍රවර්ථනය සාර්ථක කළේය.
මෙම තරගාවලියට සහභාගි වූ සියලුම ප්‍රබල කණ්ඩායම්වලට කළු ජාතික ක්‍රීඩකයන් ඇතුළත්ව සිටි අතර පිලිපීන කණ්ඩායමට ද කළු ජාතික ක්‍රීඩකයෙක් ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා කාන්තා පිල ‘පළඟ’ ශූරතාව හෙවත් තරගාවලියේ පස්වැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘පළඟ’ ශූරතා අවසන් මහ තරගයේදී ලකුණු 7-5 කින් තායිලන්තය පරාජය කිරීමට සමත් වූහ. එහිදී සංජීවනී විජේතිලක උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර අයේෂා කළුආරච්චි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කළාය.
ජපානය මෙම තරගාවලි තුනේම පිරිමි සහ කාන්තා කුසලාන ශූරතා දිනාගැනීම කැපී පෙනුණි. හොංකොං පිරිමි කණ්ඩායම තරගාවලි තුනේම අනු ශූරයන් බවට පත්විය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඊයේ පස්වරුවේ පැවැති කුසලාන ශූරතා පිරිමි අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල ජපානය ලකුණු 34-17 ක ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
ජපානය තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-7 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර ශ්‍රී ලංකා පිල පළමු අර්ධයේ පස්වැනි මිනිත්තුව දක්වා ලකුණු 7-5 ක් ලෙස පෙරමුණේ පසුවුවද ඉන් පසුව තරගය අතහැරුණි.
මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිනුක් අමරසිංහ, කෙවින් ඩික්සන් සහ ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. සුදම් සූරියආරච්චි ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කළේය.
හොංකොං සහ පිලිපීනය අතර ඊයේ පස්වරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් හොංකොං පිල ලකුණු 19-12 ක ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
අවසන් තරග ප්‍රතිඵල
පිරිමි තරගාවලිය
● කුසලාන ශූරතාව
ජපානය විසින් ලකුණු 19-5 කින් හොංකොං පරාජය කරන ලදී.
● තෙවැනි ස්ථානය සඳහා තරගය
පිලිපීනය විසින් ලකුණු 19-7 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.
● පළඟ ශූරතාව
චීනය විසින් ලකුණු 24-21 කින් මැලේසියාව පරාජය කරන ලදී
● හත්වැනි වැනි ස්ථානය සඳහා තරගය
දකුණු කොරියාව විසින් ලකුණු 15-12 කින් චීන තායිපේ පරාජය කරන ලදී.
කාන්තා තරගාවලිය
● කුසලාන ශූරතාව
ජපානය විසින් ලකුණු 31-0 කින් හොංකොං පරාජය කරන ලදී.
● තෙවැනි ස්ථානය සඳහා තරගය
චීනය විසින් ලකුණු 17-12 කින් කසකස්තානය පරාජය කරන ලදී.
● පළඟ ශූරතාව
ශ්‍රී ලංකාව විසින් ලකුණු 7-5 කින් තායිලන්තය පරාජය කරන ලදී
● හත්වැනි වැනි ස්ථානය සඳහා තරගය
දකුණු කොරියාව විසින් ලකුණු 19-15 කින් සිංගප්පූරුව පරාජය කරන ලදී.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පැවැති පිරිමි රග්බි තරගයෙන් ....
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති කාන්තා රග්බි තරගයෙන් ....
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනාගත් ජපාන රග්බි කණ්ඩායම ....
ඡායාරූප: ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.