Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ අද (30) පැවැති තරග අවසානයේ මරදාන ශාන්ත ජොශප් විදුහල පමණක් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් විය.
පළමු කාණ්ඩයේ අපරාජිතව සිටි රාජකීය විදුහල් පිල බම්බලපිටියේදී අද පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල හමුවේ ලකුණු 12-8 ක තියුණු පරාජයක් ලැබීය.
අපරාජිතව දෙවැනි කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල පසු වූ ශාන්ත ජෝශප් විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගය හැව්ලොක්ස් පිටියේදී අද පැවැති තරගයෙන් ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 18-17 ක තියුණු ජයක් ලැබූහ.
මහනුවර ත්‍රිත්ව, කිංග්ස්වුඞ්, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ බෙරැල්ල වෙස්ලි යන විදුහල් සෙසු තරගවලදී ජය ලැබීය.
පස්වැනි සතියේ තරග ප්‍රතිඵල
● ශාන්ත ජෝශප් විදුහල විසින් ලකුණු 18-17 කින් ඉසිපතන විදුහල පරාජය කරන ලදී.
● ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 12-8 කින් රාජකීය විදුහල පරාජය කරන ලදී.
● ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 50-20 කින් විද්‍යා විද්‍යාලය පරාජය කරන ලදී.
● කිංග්ස්වුඞ් විදුහල විසින් ලකුණු 62-12 කින් මලියදේව විදුහල පරාජය කරන ලදී.
● ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 27-21 කින් සහිරා විදුහල පරාජය කරන ලදී.
● වෙස්ලි විදුහල විසින් ලකුණු 26-24 කින් සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදී.
- 100
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.