Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශා. පීතර - රාජකීය කුසලානය හඹා යති

ශා. පීතර - රාජකීය කුසලානය හඹා යති

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර පාසල් රග්බි තරග බිමේ අපරාජිත වාර්තාව කරපින්නාගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම කුසලානය හඹායාමේ ගමනට තවත් ජයග්‍රහණයක් එක්කාසු කරගැනීමේ අරමුණ ඇතිව අද (18) හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදී කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩායම හමුවෙයි. මෙම තරගය අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ දෙවැනි තරගයයි.

ජවේඞ් සරූක්ගේ නායකත්වයෙන් තරග වදින ශාන්ත පීතර විදුහල් කණ්ඩායම තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් පාමින් සිටී. තරගාවලියේ වැඩිම සමස්ත ලකුණු ලාභින් අතර පෙරමුණ ගෙන සිටින ශාන්ත පීතර කණ්ඩායමේ ශෙහාන් ලියනපතිරණ සිය කණ්ඩායම වෙනුවෙන් වැඩි වගකීමක් කරපින්නාගෙන සිටී. 

පීතරයන්ගේ ප්‍රබලතම තුරුම්පුවක් වන නිස්රාන් නිලාර් මෙතෙක් උත්සාහක දිනුම් 5ක් තබමින් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. නායක සරූක් සමග ජේසන් කරුණාරත්න, ඩිල්ෂාන් මධුසංඛ සහ ජුලියන් චාල්ස් තරගාවලිය පුරා සිය කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදී තිබේ. 

කිංග්ස්වුඞ් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ තරිඳු වැලිගම්පොල විසිනි. ඔහුගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියේ තරග 3ක් ජයගත් කිංග්ස්වුඞ් පිල අද තරගයට එක්වන්නේ ආසිරි සෙනෙවිරත්න සහ හිරූෂ සම්පත් වැනි ක්‍රීඩකයන් මත වැඩි විශ්වාසය තබමිනි. 

පසුගිය වසරේ ලීග් ශූරතාව දිනූ කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සහ වෙස්ලි විදුහල් කණ්ඩායම අතර තරගය හෙට (19 වැනිදා) පස්වරුවේ සී.ආර්.පිටියේදී පැවැත්වෙයි. මේ වනවිට අපරාජිතව පෙරමුණේ පසුවන සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් කණ්ඩායම මේ වසf්රදිත් රග්බි ලීග් කිරුළට කුරුමානම් අල්ලමින් සිටී. 

ජනිඳු ඩිල්ෂාන්. දුලාන් ගූණවර්ධන, හිමන්ත හිරුෂාන්, මලීෂ පෙරේරා සහ තුලේබ් හසන් වැනි ක්‍රීඩකයන් රාජකීය විදුහල් පිලේ අපරාජිතභාවය රැකගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබාදී තිබේ. වෙස්ලි විදුහල් කණ්ඩායම මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් පෑමට අසමත්වූවත් අවසන් මොහොතේදී කුසලාන වටයට එක්වීමට සමත්වූයේ සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක නිරතවිමෙනි. 

කුසලාන වටයේ ලකුණු ලැයිස්තුවේ තුන්වැනි තැන සිටින ශාන්ත ජෝශප් විදුහල් පිල සහ මරදාන සහිරා විදුහල් පිල අතර තරගයත් හෙට (19 වැනිදා) සහිරා විදුහල් පිටියේදී පැවැත්වෙයි. හෙට පස්වරුවේ හැව්ලොක්ස් පිටියේදී ඉසිපතන විදුහල් කණ්ඩායම සහ ත්‍රිත්ව විදුහල් කණ්ඩායම අතර තරගයත් පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (0)

ශා. පීතර - රාජකීය කුසලානය හඹා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.