Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියර ලෙස ඊයේ රාතී‍්‍ර කොළඹ පැරැණි තුරග තරග පිටියේ දී නිමාවට පත්වූ ශී‍්‍ර ලංකා තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයේදී ලකුණු 17-5 කින් චීනය පරදවා තුන්වැනි අදියරේ ශූරතාව මෙන්ම සම්පූර්ණ තරගමාලාවේ ශූරියන් ලෙසින් ද අභිෂේක ලැබීමට ජපාන කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
කාන්තා තරග ඉසව්වේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගවලදී ජපානය හමුවේ හොංකොං පිල ලකුණු 14-0 කින් පරාජයට පත්වූ අතර චීනය විසින් ලකුණු 29-0 කින් තායිලන්තය පරාජය කරන ලදි.
මේ අතර ඊයේ උදෑසන ඉන්දියාව ලකුණු 32-0 කින් පරදවා පළග කිරුළ සඳහා වන අවසන් තරගයට සිංගප්පූරුව සමග එක්වු ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් දැඩි සටනකින් පසුව ලකුණු 12-7 කින් තරගය පරාජයට පත්වෙමින් පළග අනුශූරියන් ලෙස සෑහීමකට පත්වූහ.
ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ නියමිත කාලය නිමාවනවිට දෙපිලම ලකුණු 7 බැගින් ලබා සිටි අතර අතිරේක කාලයේදී ශී‍්‍ර ලංකා පිල අබිබවා යාමට සිංගප්පූරුව සමත්විය. කෙසේවුවත් ලබන වසරේ නැවත ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවට එක්වීමට සුදුසුකම් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල තුන්වැනි අදියරේ දී 6 වැනි ස්ථානය රැුකගැනීමට සමත්වීම කැපී පෙනුණි.
ජපාන කී‍්‍රඩිකවන් සමස්ත තරගමාලාවේ පළමු ස්ථානය දිනාගද්දී චීනය දෙවැනි තැනත්, තායිලන්තය තුන්වැනි තැනත් අත් කරගත්හ. සමස්ත තරගමාලාවේ සිවුවැනි තැනට පත්වූයේ හොංකොං කණ්ඩායමයි.
පළග කිරුළ හිමිකරගත් සිංගප්පූරු කී‍්‍රඩිකාවන් සමස්ත තරගමාලාවේ පස්වැනි ස්ථානයට පත්විය. ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් 6 වැනි තැන රැුකගනිද්දී දකුණු කොරියාවට හිමිවූයේ සත්වැනි ස්ථානයයි. කෝඩුකාර ඉන්දියාව අටවැනි තැනට පත්විය.
-066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.