Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවේ ජාතික රග්බි කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කළ, ෆීජි හි උපත ලද කී‍්‍රඩකයකු වන ඊමෝරි වකාවුලාජිගේ ඉරණම රැඳී ඇත්තේ වාසනාව මතය. ඔහුගේ නම ෆිජී සත් සාමාජික රග්බි සංචිතයට ඇතුළත් කර තිබුණත් ඩුබායිහිදී මීළගට පැවැත්වෙන සත් සාමාජික තරගාවලියට සහභාගී වන ෆීජි කණ්ඩායමෙන් එය ඉවත් කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
වකාවුලාජි මෙන්ම විදේශයන්හිදී උපත ලද කී‍්‍රඩකයන් වන ජෝශප් ඩන් හා අපිසායි නකාලිවාද ආසියානු පස්කොන් රග්බි තරගාවලියට සහභාගි වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි. විදේශීය කී‍්‍රඩකයකුගෙන් ලැබිය යුතු උපරිම දායකත්වය එදා ඔව්හු ශී‍්‍ර ලංකා කණ්ඩායමට දුන්හ.
කෙසේ වෙතත් වසරකට පමණ ඉහතදී සිදුවූ ශී‍්‍ර ලංකාවේ දේශපාලන පෙරළියට ඔන්න මෙන්න කියා තිබියදී මෙම ෆීජි කී‍්‍රඩකයන් ආගිය අතක් සොයාගැනීමට නොහැකි විය. ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ නමක් මැලේසියානු සත් සාමාජික කණ්ඩායමේ ද වූ බවත් වාර්තා විය.
මීට මාස දෙකකට පෙර වකාවූලාජි ෆීජි කණ්ඩායමට එක්වූයේ ඔහුගේ සිත් ගන්නා කී‍්‍රඩා විලාශය හේතුවෙනි. එසේ වුවත් වකාවූලාජි නැවතත් ෆිජී කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකා රග්බි බලධාරීන් මෙන්ම කණ්ඩායමද අන්දමන්ද කෙරුණු සිදුවීමකි.
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමටත් වකාවූලාජිගේ නම ඇතුළත්වී තිබීම නිසා මෙම ප‍්‍රශ්නයේදී ෆිජී රග්බි බලධාරීහු තරමක් අසරණ වූහ. එබැවින් වහාම ශී‍්‍ර ලංකා රග්බි බලධාරීන්ගෙන් ඔවුන් විමසීමක් කළේ ෆිජි කණ්ඩායම නියෝජනය කිරීම සඳහා වකාවූලාජිට අවසර දිය හැකිද යන්නයි.
කෙසේ වෙතත් මෙම ප‍්‍රශ්නයේදී ෆිජි පුහුණුකරු බෙන් රයන් මහතා වඩාත් ප‍්‍රායෝගික පියවරක් අනුගමනය කළේය. ෆිජීහි උපත ලද කී‍්‍රඩකයකු වන නමුත් ෆීජි කණ්ඩායම නියෝජනය කිරීමට ශී‍්‍ර ලංකා රග්බි බලධාරීන් වකාවූලාජිට අවසර දෙන්නේද නැද්ද කියන තුරු බලාසිටීම තේරුමක් නැති දෙයක් බව කී බෙන් රයන් මහතා වකාවූලාජිගේ නම ෆිජි කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ෆිජිහි ‘ටයිම්ස්’ පුවත් පත වාර්තා කළේය.
”එමෝරි වකාවූලාජි ෆිජි කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවීම කණගාටුවට කරුණක්”
”ඔහු ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන (කී‍්‍රඩකයන් 15 දෙනකුගෙන් යුත්) කණ්ඩායමට හා සත්සාමාජික කණ්ඩායමට කී‍්‍රඩා කර තිබෙනවා. ලෝක රග්බි සංගමයේ රෙගුලාසිවලට අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයෙක්’” යැයි රයන් උපුටා දක්වමින් ‘ෆීජි ටයිම්ස්’ පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේ සටහන් වී තිබිණ.
ෆිජි කණ්ඩායම නියෝජනය කිරීම සම්බන්ධයෙන් වකාවූලාජිගේ සුදුසුකම් පිළිබඳව ෆීජි රග්බි සංගමය ලෝක රග්බි සංගමයෙන් විමසීමක් කර ඇතත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා බවට කිසිවක් පෙන්නුම් නොකරන බව ද ‘ෆීජි ටයිම්ස්’ වෙබ් අඩවියේ සටහන් වේ.
”රිමෝරි වකාවූලාජිට ෆීජි කණ්ඩායමට කී‍්‍රඩා කළ හැකි ද යන්න පිළිබඳව අපි ලෝක රග්බි රෙගුලාසි කමිටුවෙන් විමසීමක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් කටුයතු කෙරෙමින් පවතිනවා”
”ඒත් එහි අවසාන තීරණය ඩුබායි සත් සාමාජික තරගාවලය ආරම්භ වීමට පෙර ලැබෙයි කියලා හිතන්න අමාරුයි. වකාවූලාජිගේට ෆීජි කණ්ඩායම නියෝජනය කළ හැකි ද යන්න පිළිබඳ ලෝක රග්බි සංගමය පරීක්ෂණයක් කරන අවස්ථාවක ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීම හැර වෙන විකල්පයක් අපට නැහැ” යැයි ද පුහුණුකරු රයන් පවසා තිබේ.
ෆිජිහි කී‍්‍රඩා සමාජ කණ්ඩායමක් නියෝජනය කරමින් සිටියදී රයන්ගේ නෙත ගැටුණු වකාවූලාජි එසැණින්ම ෆීජි සත් සාමාජික කණ්ඩායමට යොමු කිරීමට රයන් කටයුතු කර තිබුණි.
තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩා කළ නමුත් ඒ සඳහා තමන්ට සුදුසුකම් තිබුණාද නැද්ද යන්න පිළිබඳව නිශ්චිතව දැන නොසිටි හෙයින් තමන්ට නැවතත් ෆිජි බලා යාමට අවසර දෙන්න’යි වකාවූලාජි ශී‍්‍ර ලංකා රග්බි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. කටයුතු සිදුවෙමින් පැවැති ආකාරයට ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීම තමන්ගේ රග්බි දිවිය අනතුරේ හෙළාගැනීමක් බව ඔහුටද වැටහී තිබිණ.
”මම ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩා කළා තමයි. ඒත් මට නියමිත සුදුසුකම් තිබුණේ නැහැයි කියලා මා දැනගෙන හිටියේ නෑ”
”ශ්‍රී ලංකාවේ නිලධාරීන් මට නිවැරැුදි තොරතුරු දුන්නේ නැහැ. මම පුරවපු ලේඛණවලත් හරි විස්තරයක් තිබ්බේ නැහැ”
”සිදුවන්නේ මොකක්ද වෙන්නේ කියලා මට තේරුණාම මම ඔවුනට කිව්වා මෙය මගේ රග්බි ජීවිතයට බලපායි, කරුණාකරලා මගේ රටට යන්න ටිකට් එකක් (ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයක්) දෙන්න කියලා” යැයි වකාවූලාජි ෆීජි මාධ්‍ය වෙත පවසා තිබේ.
ශී‍්‍ර ලංකාවේ පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේදී වකාවූලාජි කී‍්‍රඩා කළේ දැන් අකි‍්‍රයව පවතින ‘හම්බන්තොට ෂාර්ක්ස්’ කණ්ඩායම වෙනුවෙනි. අවසාන වරට පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ රග්බි ශූරතාවලියේදී කී‍්‍රඩකයෙක් ලබාගත් ඉහළම ලංසුවට ද හිමිකම් කීවේද වකාවූලාජිය. 2014 වසරේ පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ රග්බි තරගාවලියේදී ‘වෙස්ටන් වොරියර්ස්’ කණ්ඩායම නියෝජනය කළ වකාවූලාජි රුපියල් ලක්‍ෂ 45 ක මුදලකට තක්සේරු කෙරුණු අතර එම තරගාවලිය ඉන්පසු කිසිදු අවස්ථාවකදී නොපැවැත්විණි.
ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු කී‍්‍රඩාව දැන් පාලනය වන්නේ විශේෂිත අධිකාරියක් යටතේය. එහි උසස් නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කිසිවක් පැවසීමට ඔව්හු ඉදිරිපත් නොවූහ. වකාවූලාජි, ඩන් හා නකාලිවා සම්බන්ධයෙන් ලෝක රග්බි සංගමයට ලියකියවිලි ඉදිරිපත් කරන සමයේදී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ප‍්‍රධානියා වශයෙන් අසංග සෙනෙවිරත්න මහතාද, ලේකම් වශයෙන් නලින් ද සිල්වා මහතාද කටයුතු කළහ.
මේ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් කිරීමෙන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ වත්මන් නිලධාරීහූද වැළැකී සිටිති. ‘ෆීජි ටයිම්ස්’ පුවත් පතේ අන්තර්ජාල සංස්කරණය හා එරට වෙනත් මාධ්‍යයද ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් මේ සම්බන්ධයෙන් විමසා ඇතත් ඒ කිසිවකටත් පිළිතුරු ලැබී නැතැයිද වාර්තා වේ.
මෙම අර්බුදය විසඳෙන තෙක් ෆීජි රග්බි සංගමයේ සත් සාමාජික සංචිතයේ අතිරික්තය වෙත වකාවූලාජි යොමු කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.
(‘ද සන්ඬේ ටයිම්ස්’ අනුග‍්‍රහයෙනි)
- 055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.