Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශ‍්‍රී ලංකාව ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාව දිනයි

ශ‍්‍රී ලංකාව ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 


පීලිපීනයේ මැනිලා නුවරදී පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ අද (09) පැවැති අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 27-14 කින් පිලිපීනය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

මෙවර මෙම තරගාවලිය නව ක‍්‍රමයකට පැවැත්වෙන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ලබන වසරේ ප‍්‍රධානතම තරගාවලියට සුදුසුකම් ලබන්නේද නැද්ද පිළිබ`දව ස්ථිරව කිව නොහැකි බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකු පැවසීය.

ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා පිල උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු රැුස්කළ අතර පිලිපීනයට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු විය.

ෆාෂීල් මරීජාගේ නායක්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල තරගයේ ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි අතර පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-11 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල උත්සාහක දිනුම් තුනම පළමු අර්ධයේදී වාර්තා කළේය.

ධනුෂ්ක රංජන්, ෆාෂිල් මරීජා සහ කාංචන රාමනායක උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. රීසා මුබාරක් දඩුවම් පහර 4 ක් සාර්ථක කරමින් ලකුණු 12 ක් එකතු කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ පළමු තරගයේදී කසක්ස්තානය ලකුණු 35-14 කින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

 


- 048


අදහස් (1)

ශ‍්‍රී ලංකාව ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.