Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශ‍්‍රී ලංකාව 25-21 කින් පිලිපීනය පරදවයි

ශ‍්‍රී ලංකාව 25-21 කින් පිලිපීනය පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඡායාරූපය - ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය අනුග්‍රහයෙනි.

 

ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර ක්වාලාම්පූර් නුවරදී අද (14) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 25-21 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා පිල මෙම ජයග‍්‍රහණයත් සමග මෙම තරගාවලියේ තරග තුනෙන් දෙකක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 9 ක් ලබා දෙවැනි ස්ථානයට පත්විය. සත්කාරක මැලේසියාව තරග තුනෙන් දෙකක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 11 ක් ලබා පළමු ස්ථානය හිමිකර ගත්තේය.

පිලිපීනය ප‍්‍රසාද ලකුණු 7 ක් ලබා තෙවැනි ස්ථානයට ද, සිංගප්පූරුව ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා සිවුවැනි ස්ථානය ද, පත්විය.

ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැුස්කළේය. පිලිපීනය ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.

ජේසන් දිසානායක තරගයේ අවසන් මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ශ‍්‍රී ලංකා පිල ලකුණු 25-21 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

මැලේසියානු ක‍්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේ අඩක් ගෙවී යන තෙක් ලකුණු 21-20 ක් ලෙස ලකුණකින් පෙරමුණේ රැස්ව සිටියහ. ලකුණු 20-18 ක් ලෙස ශ‍්‍රී ලංකාව පෙරමුණේ සිටියදී 33 වැනි මිනිත්තුවේදී පිලිපීන පිල දඩුවම් පහර සාර්ථක කරමින් ඉදිරියට පැමිණියේය.

ශ‍්‍රී ලංකා පිල පළමු අර්ධයේදී තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූ අතර ඒ අනුව ශ‍්‍රී ලංකා පිල ලකුණු 20-11 ක් ලෙස ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.

රීසා මුබාරක් පළමු අර්ධයේ සිවුවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය. රීසා පළමු අර්ධයේදී දඩුවම් පහර දෙකක් සහ ගෝල ප‍්‍රවර්ථන දෙකක් සාර්ථක කරමින් ලකුණු 10 ක් එකතු කරමින් ශ‍්‍රී ලංකා පිල ඉදිරියට ගැනීමේ ප‍්‍රමුඛයකු බවට පත්විය.

ජේසන් දිසානායක සහ කාංචන රාමනායක පළමු අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කළහ.

සත්කාරක මැලේසියානු පිල අද පැවැති අවසන් තරගයේදී ලකුණු 40-13 ක් සිංගප්පූරුව පරාජය කළේය.  

 

ඒ කාණ්ඩය 
  උත්සාහක දිනුම් ප්‍රසාද ලකුණු  
  තරග  ජය සම  පරාජ ලැබූ දුන් ලැබූ දුන් අතිරේක
ප‍්‍රසාද
ලකුණු 
ප‍්‍රසාද
ලකුණු 
මැලේසියාව 3 2 0 1 11 6 92 45 3 11
ශ්‍රී ලංකාව  3 2 0 1 9 0 75 80 1 9
පිලිපීනය  3 1 0 2 9 3 60 63 3 7
සිංගප්පූරුව  3 1 0 2 4 -9 58 97 0 4

අදහස් (0)

ශ‍්‍රී ලංකාව 25-21 කින් පිලිපීනය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.