Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි සහ අවසන් තරගාවලිය ලෙස කොළඹ පැරණි තුරග තරග පිටිය රග්බි ක‍්‍රීඩාංගණයේදී අද (11) අවසන් වූ තරගයේදී ෆාෂීල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
තෙවැනි ස්ථානය සදහා අද පස්වරුවේ පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා පිල විසින් ලකුණු 45-12 ක් ලෙස මැලේසියාව පරාජය කරන ලදි.
ශ‍්‍රී ලංකාව මෙම වසරේ සත් සාමාජික තරගාවලි මාලාවේදී තෙවැනි ස්ථානය හිමිකරගත් පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පැවැති තරගාවලි දෙකේදීම ශ‍්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්විය.
ශ‍්‍රී ලංකාව සහ ජපානය අද අතර පස්වරුවේ පැවැති අවසන් පූර්ව තරගයෙන් ජපානය ලකුණු 26-19 කින් ජය ලැබීම නිසා ශ‍්‍රී ලංකා පිලට තෙවැනි ස්ථානය සදහා තරගයට වැටුණි. ප‍්‍රබල ජපන් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-7 ක් ලෙස පෙරමුණ ගත්තේය.
කුසලාන ශූරතා තරගාවලියේ අද පෙරවරුවේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 19-12 ක් ලෙස දකුණු කොරියාව පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.
ශ‍්‍රී ලංකා පිල පෙරේදා (10) සහභාගි වූ පළමු වටයේ තරග දෙකම ජය ලබමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ශ‍්‍රී ලංකා පිල පෙරේදා පස්වරුවේ සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 38-7 ක් ලෙස පිලිපීනය පරාජය කිරීමට සමත් විය. ශ‍්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී මැලේසියාව ලකුණු 40-0 කින් පරාජය කළේය.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වන කාන්තා තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කාන්තා පිල පළමු වටයේ සහභාගි වූ තරග තුනෙන්ම පරාජයට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.