Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සත් සාමාජික සංචිතයට මරීජාත් එක්වෙයි

සත් සාමාජික සංචිතයට මරීජාත් එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මස මුල් භාගයේදී හොංකොං රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාවට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉලක්ක කරමින් ක්‍රීඩකයන් 22 ගෙන් සමන්විත සංචිතයක් කැූඳවීමට ජාතික රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පසුගියදා බෝර්නියෝ නුවර පැවැති සත් සාමාජික ආරාධිත රග්බි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ද, යොවුන් ක්‍රීඩකයන්ද, හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ද ඇතුළත් වන ලෙස පිහිටුවා ඇති මේ සංචිතයට විශිෂ්ට ක්‍රීඩකයකු වන ෆාසිල් මරිජා එක්වී සිටීම විශේෂත්වයකි.
 
කලක් පිටකොන්දේ ආබාධයක් නිසා රග්බි පිටියෙන් ඉවත්ව සිටි මරිජා නැවත ක්‍රීඩාවට එක්වූයේ අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියෙනි. මරීජාට අමතරව සත් සාමාජික රග්බි පිටියේ වේගවත් ක්‍රීඩකයකු ලෙස ප්‍රකට අනුරුද්ධ විල්ලර ද සංචිතයට එක්වී සිටී. මේ දෙදෙනාම මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෝ වෙති.

ලබන මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හොංකොං රාජ්‍යයේ පැවැත්වෙන සත් සාමාජික සුදුසුකම් ලැබීමේ තරගාවලියට නවක ක්‍රීඩකයන් වන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ සුදම් සූරියආරච්චි, කෙවින් ඩික්සන්, සී.ආර් ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ රෙහාන් සිල්වා, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුපුන් ඩිල්ෂාන්, තනූජ මාධවගේ, සමත් ධනංජය සහ පොලිස් ක්‍රීඩා සමාජයේ රීසා රෆායිඩීන් එක්වී සිටීම කැපී පෙනේ.


ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය
ධනුෂ්ක රන්ජන්, ෆාසිල් මරිජා, රිචඞ් ධර්මපාල, අනුරුද්ධ විල්ලර, සයුරි ඇන්තනී, ජේසන් දිසානායක, ශ්‍රීනාත් සුරියබණ්ඩාර, දනූෂ දයාන් (මහනුවර ක්‍රීඩා සමාජය), සුදර්ශන මුතුතන්ත්‍රී, කෙවින් ඩික්සන්, නිෂෝන් පෙරේරා, සුදම් සූරියආරච්චි (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය), කාවින්ද පෙරේරා, ඕමල්ක ගුණරත්න, අනුරාධ හේරත්, රෙහාන් සිල්වා (සී.ආර්.ඇන්ඞ් එෆ්.සී), චානක චන්දිමාල්. සුපුන් ඩිල්ෂාන්, සාලිය හඳපාන්ගොඩ, තනූජ මාධවගේ, සමිත් ධනංජය (නාවික හමුදා ක්‍රීඩා සමාජය), රීසා රෆායිඩීන් (පොලිස් ක්‍රීඩා සමාජය)

 


අදහස් (0)

සත් සාමාජික සංචිතයට මරීජාත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.