Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සාන්ත තෝමස්ට 24-22 ක ජයක්

සාන්ත තෝමස්ට 24-22 ක ජයක්

යොහාන් භාසුර - 2020 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘ඩයලොග්’ කුසලාන වයස 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (11) පස්වරුවේ පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 24-22 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ.

මෙය සාන්ත තෝමස් විදුහල ලැබූ පළමු ජය වන අතර ශාන්ත ජෝශප් විදුහල පිට පිටම ලැබූ තෙවැනි පරාජය වේ.

සාන්ත තෝමස් විදුහල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 24 රැස්කළේය. ශාන්ත ජෝශප් විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු එකතු විය.

සාන්ත තෝමස් විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-10 ක් ලෙස ලකුණු දෙකක පරතරය පවත්වා ගැනීමට සමත්ව සිටියේය.

ශාන්ත ජෝශප් විදුහලේ චේක ජයවර්ධන පස්වැනි මිනිත්තුවේදී පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර එහි ගෝල ප්‍රවර්ථනය රෂේන් ගුණවර්ධන වෙතින් ගිලිහී යෑමෙන් ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

ඉන් මිනිත්තු හයකට පසුව රෙවාන් තිසේරා, සාන්ත තෝමස් විදුහලට පළමු උත්සාහක දිනුම එකතු කළ අතර ජාන් ද සොයිසා වෙතින් ප්‍රවර්ථනය අසාර්ථක වීමෙන් ලකුණු පුවරුව 5-5 ක් ලෙස සමවිය.

රුචිර ඒකනායක 18 වැනි මිනිත්තුවේදී සාන්ත තෝමස් ගෝල සීමාව ආක්‍රමණය කරමින් ශාන්ත ජෝශප් විදුහල ලකුණු 10-5 ක් ලෙස නැවතත් පෙරමුණෙන් තැබීය.

ශකීත් පෙරේරා 25 වැනි මිනිත්තුවේදී සාන්ත තෝමස් විදුහලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළ අතර ජාන් ද සොයිසා එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් සාන්ත තෝමස් විදුහල ලකුණු 12-10 ක් ලෙස නැවතත් පෙරමුණ ගත්තේය.

ශාන්ත ජෝශ්ප් විදුහල් පිල දෙවැනි අර්ධයේ නවවැනි මිනිත්තුවේදී සැළසුම් සහගතව ගෝල සීමාවට ආසන්න වූ අතර නායක රෂේන් ගුණවර්ධන පන්දුව බිම පතිත කරමින් ඉලක්කය සම්පූර්ණ කළේය. එහි ප්‍රවර්ථනය මොහොඞ් රිෆාන් සාර්ථක කිරීමත් සමඟ ශාන්ත ජෝශප් විදුහල ලකුණු 17-12 ක් ලෙස නැවතත් ඉදිරියට පැන්නේය.

රෙහාන් ඕලුගල මිනිත්තු හයක් ගතවීමට පෙර ක්‍රියාත්මක වෙමින් විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 17-17 ක් ලෙස සමවිය.

සාන්ත තෝමස් විදුහලට දෙවැනි අර්ධයේ 23 වැනි මිනිත්තුවේදී මීටර 15 ක් පමණ දුර සිට ලැබුණු පහසු දඩුවම් පහර ජාන් ද සොයිසා වෙතින් ගිලිහී යෑමෙන් ඇතැම් විට තරගයේ ප්‍රතිඵලය ද වෙනස්වීමට ඉඩ තිබුණි. එම පහසු දඩුවම් පහර සාර්ථක කළේ නම් සාන්ත තෝමස් විදුහලට ලකුණු 20-17 ක් ලෙස ඉදිරියට ඒමේ අවස්ථාව තිබුණි.

මොහොමඩ් රිෆාන් දෙවැනි අර්ධයේ 28 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ශාන්ත ජෝශප් විදුහල ලකුණු 22-17 ක් ලෙස නැවතත් පෙරමුණ ගත්ත ද ඉන් මිනිත්තු තුනට පසුව සාන්ත තෝමස් විදුහලට ඩිරේෂ් ඩේවිඩ් උත්සාහක දිනුමක් එකතු කළේය. ඒ අනුව ලකුණු තත්ත්වය නැවතත් 22-22 ක් ලෙස සමවිය.

එහි ගෝල ප්‍රවර්ථනය ශකීත් පෙරේරා සාර්ථක කිරීමෙන් ලකුණු තත්ත්වය 24-22 ක් බවට පත්විය.

ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි   

 


අදහස් (0)

සාන්ත තෝමස්ට 24-22 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.