Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සී. ආර්. පිලට 24-23 ක තියුණු ජයක්

සී. ආර්. පිලට 24-23 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ පළමු සතිය යටතේ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (10) පස්වරුවේ පැවැති තරගයේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 24-23 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.

රීසා රෆයිඩීන් දෙවැනි අර්ධයේ 27 වැනි සහ 32 වැනි මිනිත්තුවලදී දඩුවම් පහර දෙකක් සාර්ථක කිරීමත් සමඟ ලකුණු 24-23 ක් ලෙස සී. ආර් පිල පෙරමුණට පැමිණියේය.

සැමුවෙල් මධුවන්ත දෙවැනි අර්ධයේ 6 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් සී. එච්. පිල ලකුණු 23-18 ක් ලෙස තව දුරටත් ශක්තිමත් කළේය. දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී රීසා රෆයිඩීන් සාර්ථක කළ දඩුවම් පහරත් සමඟ සී. ආර්. පිල ලකුණු 18-20 ක් ලෙස සී. එච්. පිලට සමීප විය.

පළමු අර්ධයේ 39 වැනි මිනිත්තුව වන විට සී. ආර්. පිල ලකුණු 15-13 ක් ලෙස පෙරමුණේ සිටිය ද, ශ්‍රී ලංකා යොවුන් පිලේ හිටපු නායක නවීන් හේනකංකානම්ගේ ගෝල කණු අතර තැබූ පන්දුවට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ සී. එච්. පිල 20-15 ක් ලෙස පෙරමුණට පැමිණියේය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී. එච් පිල ලකුණු 20-15 ක් ලෙස පෙරමුණේ රැදී සිටියේය.

පළමු අර්ධයේ 29 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් ද, 33 වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් ද, එකතු වීමෙන් සී. ආර්. පිල 15-13 ක් ලෙස ඉදිරියට පැමිණියේය.

රීසා රෆයිඩීන් එම උත්සාහක දිනුම සහ දඩුවම් පහර සී. ආර්. පිලට එකතු කළ අතර රෙහාන් සිල්වා ගෝල ප්‍රවර්ථනය සාර්ථක කළේය.   

සී. එච්. පිලට 24 වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් එකතු වීමෙන් ලකුණු පුවරුව 13-5 ක් බවට පත්විය.
සැමුවෙල්ස් මධුවන්ත 16 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමඟ සී. එච්. පිල ලකුණු 6-5 ක් ලෙස නැවතත් පෙරමුණ ගත්තේය.

දෙවැනි අර්ධයේ 11 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලේ විදේශ ක්‍රීඩක සැමෝවා ජාතික ජෝශප් ෆුමාඔනෝ සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු 5-3 ක් ලෙස සී. ආර්. පිල පළමු වරට ඉදිරියට පැමිණියේය.

තරගයේ දෙවැනි මිනිත්තුවේදී සී. එච්. පිලේ සැමුවෙල් මධුවන්ත සාර්ථක දඩුවම් පහරත් සමඟ 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

සී. ආර්. පිලට 24-23 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.