Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (25) පැවැති තරගයේදී සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 26-18 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය.
මෙවර තරගාවලියේ සී. එච්. පිල තරග තුනකදී ලැබූ පළමු ජය මෙය වන අතර පළමු තරග දෙකේදීම ලකුණකින් පරාජය වීම කැපී පෙනුණි.
සී. එච්. ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-8 ක් ලෙස ලකුණු 7 කින් පෙරමුණේ පසු වූහ.
අනුරාධ හේරත් තෙවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ සී. එච්. පිල ලකුණු 5-0 ක් ලෙස සාර්ථක ආරම්භයක් ලබාගත්තේය.
සී. එච්. පිල වෙනුවෙන් නිවංක ප්‍රසාද් 9 වැනි සහ 14 වැනි මිනිත්තුවලදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකත් සමඟ ලකුණු පුවරුව 15-0 ක් බවට පත්විය.
ජෙරෝ ධනංජය 22 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ගුවන් හමුදා පිල ඉදිරියෙන් තිබූ බිංදුව මැකී යමින් ලකුණු පුවරුව 15--5 ක් බවට පත්විය.
ගුවන් හමුදා පිලට 32 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර ගයන්ත ඉද්දමල්ගොඩ සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 15-8 ක් බවට පත්කළේය.
ගයන්ත ඉද්දමල්ගොඩ දෙවැනි අර්ධයේ හත්වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පරතරය හතරක් බවට පත්කළේය.
දෙවැනි අර්ධයේ 11 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර සැමුවෙල් මධුවන්ත සාර්ථක කිරීමෙන් සී. එච්. පිල ලකුණු පරතරය හතක් බවට පත්කරගත්තේය.
චතුර ඩිල්ෂාන් 15 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත්, සැමුවෙල් මධුවන්ත 29 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරත් සමගින් සී. එච්. පිල ලකුණු 26-11 ක් ලෙස ශක්තිමත් විය.
තරගයේ අවසන් මිනිත්තුවේදී ගුවන් හමුදා පිලේ නුවන් පෙරේරා ගෝල කණු අතර තැබූ පන්දුව ගයන්ත ඉද්දමල්ගොඩ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 26-18 ක් බවට පත්විය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
-----------------------------------------------------------------------------------------------------------------------------------
ගුවන් හමුදා පිලේ චාල්ස් පිටියෙන් ඉවත් කරයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (25) පැවැති තරගයේදී ගුවන් හමුදා පිලේ ප්‍රොප් ක්‍රීඩක ප්‍රවීන් චාල්ස් රතු කාඞ් පතින් අවවාද කර පිටියෙන් ඉවත්කිරීමට ප්‍රධාන විනිසුරු ප්‍රනීත් වේරංග මහතා පියවර ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.