Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලීග් රග්බි කිරුළට අත්පත් කරගැනීමේ සටනට පිවිස සිටි නාවික හමුදා පිල ඉවතට තල්ලු කරමින් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී ලකුණු 30-17ක විශිෂ්ට ජයක් වාර්තා කළ යුද හමුදා ක්‍රීඩා සමාජය ගෙවී ගිය සති අන්තයේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටී. පසුගිය සති අන්තයේ දී සී.ආර්.පිලේ නිවහනටම ගොස් ඔවුන් පරාජයට පත් කළ යුද හමුදා ක්‍රීඩකයන් සෙනසුරාදා තරගය ජයගත්තේ වැලිසර නාවික හමුදා පිටියේදීමය.
තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 20-10 කින් යුද හමුදා පිල පෙරමුණ ගෙන සිටියේය.
ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ මුලදීම අෂාන් බණ්ඩාර තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ ගයාන් සාලින්ද යුද හමුදා පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියේය. ඊට සුළු වේලාවකට පසුව නාවික හමුදා පිලේ කෝසල තිසේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ වීරසිංහ දෙපිලේ ලකුණු සංඛ්‍යාව 7-7 කින් සම කළේය.
තවත් මිනිත්තු කිහිපයකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරගත් සාලින්ද යුද හමුදා පිල ලකුණු 10-7 කින් ඉදිරියට ගෙන ගිය අතර උපුල් අබේරත්නගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 17-7 කින් ඉහළට ඔසවා තැබුවේ නැවියන්ගේ පීඩනය වැඩි කරමිනි. තරගයේ පළමු භාගය නිමාවීමට පෙර දෙපිලේ ලකුණු සංඛ්‍යාවට තවත් දඬුවම් පහර බැගින් එකතු කිරීමට යුද හමුදා පිලේ ගයාන් සාලින්ද සහ නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහ සමත්වූහ.
දෙවැනි භාගයේදී සුරංග පුෂ්පකුමාර තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් තිළිණ වීරසිංහ යුද හමුදා පිල අබිබවා යාමේ උත්සාහයක නිරත වූ නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දැමුවත් ඉන් අනතුරුව තව දුරටත් පෙරමුණ ගත් යුද හමුදා පිල ලකුණු 23-17 කින් සිය ලකුණු සංඛ්‍යාව නංවාගත්තේ සාලින්ද සාර්ථක කරගත් දඬුවම් පහරක් සමගිනි.
අනතුරුව මධුෂාන් චන්ද්‍රසේකරගේ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ සාලින්ද යුද හමුදා පිලට වාර්තාගත ජයක් අත්කර දුන්නේය.
යුද හමුදා පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 3 ක් සහ දඬුවම් පහර 3 ක් ඇතුළත් වූ අතර නාවික හමුදා පිල ලැබුවේ ගෝල් 2 ක් සහ දඬුවම් පහරක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.