Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ සිවුවැනි සතියේ තරග ආරම්භ කරමින් හැව්ලොක්ස් පිල සහ පොලිස් පිල අතර බම්බලපිටියේදී හෙට (30) පැවැත්වෙන තරගයේදී සත්කාරක පොලිස් පිල වෙනස්කම් දෙකක් සමගින් තරගයට පිවිසීමට සූදානමින් සිටියි.
පොලිස් පිල සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව සිටීම නිසා ජයග්‍රහණයක් සොයමින් සිටීමෙන් මෙහිදී හැව්ලොක්ස් පිලට ප්‍රබල අභියෝගයක් යොමු කිරීමට පිඹුරුපත් සකස්කරමින් සිටියේය.
හැව්ලොක්ස් පිල සහභාගි වූ තරග තුනම ජය ලබා අපරාජිතව ප්‍රසාද ලකුණු 16 ක් සමගින් තෙවැනි ස්ථානයේ පසුවෙයි. හැව්ලොක්ස් පිලේ පුහුණුකරු සනත් මාටිස් මහතා පැවසුවේ මෙම තරගයේදී ද අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමට අවධානය යොමු කරන බවයි.
“අතිරේක ප්‍රසාද ලකුණ ඉතාමත් වැදගත්. ඒ නිසා මෙම තරගයේදීත් අපි ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. විශේෂ සැළසුමක් නෑ. මෙයත් සාමාන්‍ය තරගයක් ලෙස සළකා ක්‍රීඩා කරනවා” යැයි මාටිස් මහතා වැඩි දුරටත් පැවසීය.
අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමට නම් කණ්ඩායමක් උත්සාහක දිනුම් 4 ක් සම්පූර්ණ කළ යුතු අතර කණ්ඩායමක් ලකුණු 7 ක් හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකින් පරාජය වුවහොත් එම කණ්ඩායමට ද අතිරේක ප්‍රසාද ලකුණක් හිමිවේ.
හැව්ලොක්ස් පිලේ නිත්‍ය ප්‍රොප් ක්‍රීඩකයක දුෂ්මන්ත ප්‍රියදර්ශන ආබාධයකට ලක්ව සිටීම නිසා එම ස්ථානයට සයන් සබා ක්‍රීඩා කිරීමට නියමිතය.
පොලිස් පිල මෙම තරගයට වෙනස්කම් දෙකක් සමඟින් අවතීර්ණ වීමට සැළසුම් කර තිබේ. ඒ අනුව ෆ්ලයිහාෆ් ස්ථානයේ ක්‍රීඩා කළ උත්පල එදිරිසිංහගේ ස්ථානයට යොහාන් පීරිස් නැවතත් කැඳවීමට නියමිතය.
හාන් පීරිස් ආබාධයකට ලක්ව සිටීම නිසා ෆුල්බැක් ක්‍රීඩකයකු වන උත්පල තාවකාලිකව ෆ්ලයිහාෆ් ස්ථානයේ ක්‍රීඩා කළේය.
ආබාධයකට ලක්ව සිටි ෆුල්බැක් ක්‍රීඩක සුරංග කසුන් මෙම තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන බව පොලිස් රග්බි නිලධාරියකු පැවසීය.
සී. ආර්. පිලට එරෙහිව තරගයේදී ආබාධයකට ලක්වූ වින්ග් ත්‍රී ක්‍රීඩක සචිත් සිල්වා මේ වන විට සුවය ලබාසිටීම ද පොලිස් පිලට ශක්තියක් බවට පත්ව තිබේ.
විදේශ ක්‍රීඩකයන් සහභාගි වීමට එරෙහිව අධිකරණයෙන් තහනමක් පනවා තිබීම නිසා පොලිස් පිලට ක්‍රීඩා කළ ෆීජි ජාතික ඉමෝසි විනුවොසා මෙම තරගයෙන් ද ඉවත්ව සිටියි.
මහනුවර පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර නිත්තවෙලදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිත තරගය ද තීරණාත්මකක වී තිබේ. කණ්ඩායමක් දෙකම අපරාජිතව සිටීම නිසා මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට අපරාජිතව වාර්තාව රැකගැනීමේ අවස්ථාව ලැබේ.
සිවුවැනි සතියේ තරග කාලසටහන (පස්වරු 4.00)
● 30 වැනිදා - පොලිස් පිල සහ හැව්ලොක්ස් පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී
● 01 වැනිදා - ගුවන් හමුදා පිල සහ නාවික හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී
● 01 වැනිදා - යුද හමුදා පිල සහ සී. එච්. පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී
● 02 වැනිදා - මහනුවර පිල සහ සී. ආර්. පිල අතර නිත්තවෙල පිටියේදී
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.