Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ වැජඹෙන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සිය සුපුරුදු තරග රිද්මයෙන් ප්‍රතිවාදී පොලිස් ක්‍රීඩා සමාජය අන්ද මන්ද කරමින් අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිය දෙවැනි තරගයෙන් ලකුණු 29-13 ක ජයක් අත්කර ගත්තේ මෙවර තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ලෙසින් පවත්වාගෙන යන කීර්තිය තහවුරු කරගනිමිනි.
ආරම්භයේ දී පොලිස් පිලේ ක්‍රීඩකයන්ට තරමක බුරුලක් දුන් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පළමු භාගය නිමාවනවිට ලකුණු 6-5 කින් පොලිස් පිලට වඩා පසුපසින් සිටියත් දෙවැනි භාගයේදී වෙනස් ආකාරයේ සැලසුමක් සහිතව ජවසම්පන්න ක්‍රීඩා රටාව කදිමට විදහා දක්වමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්හ.
තරගය පුරා හැව්ලොක්ස් පිල ගෝල් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කිරීමට සමත්වූ අතර පොලිස් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහර 2 ක් පමණි.
හැව්ලොක්ස් පිටියේ ඊයේ රාත්‍රී පැවැති මේ තරගයේ මුල් භාගයේදී කදිම ජවසම්පන්න බවක් පෙන්නුම් කළ පොලිස් පිල රාජිත සන්සෝනිගේ කදිම දඬුවම් පහර දෙකකින් ලකුණු 6 ක් අත්පත් කරගනිද්දී හැව්ලොක්ස් පිල ලබා තිබුණේ ප්‍රසාද් මධුසංඛ තැබූ උත්සාහක දිනුම පමණි. එය ගෝලයක් බවට පත් කිරීමට දුලාජ් පෙරේරාට හැකිවූයේ නැත.
කෙසේ වෙතත් දෙවැනි භාගයේදී සිය ආක්‍රමණශීලීත්වය වැඩි කළ හැව්ලොක්ස් පිලට පොලිස් පිල වෙතින් ලැබුණේ දැඩි සටනකි.
දෙපිලම කරට කර තරග වදිමින් දෙවැනි භාගයේ හරි අඩකට කිට්ටු කාලයක්ම ලකුණු අහේනියකට මැදිවී සිටි අතර අවසානයේදී දුලාජ් පෙf්රරා සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු 8-6 කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්විය. ඊට මොහොතකට පසුව හිරන්ත පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ දුලාජ් සිය කණ්ඩායම ලකුණු 15-6 කින් ඉදිරියට ගෙන ගියේය. ඉන් නොනැවතුණු හෙතෙම ලසිඳු ඉෂාන්ගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් හැව්ලොක්ස් පිලේ ලකූණු සංඛ්‍යාව 22-6 කින් ඉදිරියට තල්ලු කළේ පොලිස් පිල දැඩි පීඩනයකට ඇද දමමිනි.
තරගය නිමාවීමට මිනිත්තු කිහිපයකට පෙර හැව්ලොක්ස් පිලට අනපේක්ෂිත විමතියකට පත්කළ රාජිත සන්සෝනි දර්ශනීය උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර ඔහු විසින්ම එය ගෝලයක් බවට පත් කරමින් පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දැමුවේ ලකුණු සංඛ්‍යාව 22-13 ලෙස වෙනස් කරමිනි. එහෙත් තරගයේ වාසිය හැව්ලොක්ස් පිල වෙතින් උදුරා ගැනීමට පොලිස් පිලට එය ප්‍රමාණවත් වූයේ නැත.
අවසන් මොහොතේ නායක දුෂ්මන්ත ප්‍රියදර්ශන තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.