Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට 22-18ක ජයක්

හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට 22-18ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් හැව්ලොක්ස් පිටියේදී අද (24) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 22-18 කින් නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ මේ දක්වා පිට පිටම තරග තුනම ජය ලබා අපරාජිත වාර්තාව තව දුරටත් රැකගැනීමට සමත් විය.

ශෂාන් මොහොමඞ් දෙවැනි අර්ධයේ 15 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම දකුණු පස කොඩි කණුවට ආසන්නයෙන් සම්පූර්ණ කළ අතර රීසා මුබාරක් විශිෂ්ට ලෙස එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ හැව්ලොක්ස් පිල ලකුණු 19-6 ක් ලෙස ලකුණු 13 කින් ඉදිරියට පැමිණීමෙන් නාවික හමුදාව පසුපසට තල්ලුවිය.

චරිත් සිල්වා දෙවැනි අර්ධයේ 38 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 19-18 ක් බවට පත්ව නාවික හමුදා පිල වඩාත් වේගවත් විය.
හැව්ලොක්ස් පිලට තරගය අවසන් වීමට ඔන්න මෙන්නව තිබියදී එනම් 39 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ප්‍රින්ස් චාමර සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 22-18 ක් බවට පත්විය.

නාවික හමුදා පිලේ නායක තිළිණ වීරසිංහ 28 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 19-11 ක් බවට පත් කළේය.

ශෂාන් මොහොමඞ් පළමු අර්ධයේ 35 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 12-6 ක් බවට පත්වූ අතර ඉතිරි මිනිත්තු පහේදී දෙපිලටම ලකුණු රැස්කිරීමට නොහැකි විය.
තිළිණ වීරසිංහ 28 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දෙවැනි දඩුවම් පහරත් සමඟ ලකුණු 7-6 ක් ලෙස පරතරය සියුම් විය.

ඒෂාන් ආරියපාල පළමු අර්ධයේ 24 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ හැවිලේක්ස් පිල පළමු වරට ලකුණු 7-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.  
විනිසුරු ප්‍රියන්ත ගුණරත්න මහතාගේ පළමු නළා හඩින් මිනිත්තු පහකට පසුව දඩුවම් පහර අවස්ථාව තිළිණ වීරසිංහ සාර්ථක කිරීමත් සමඟ නාවික හමුදා පිල ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

හැව්ලොක්ස් පිලේ උමේෂ මධුෂාන් පළමු අර්ධයේ 28 වැනි මිනිත්තුවේදී ද, දිනුක් අමරසිංහ දෙවැනි අර්ධයේ හත්වැනි මිනිත්තුවේදී ද, කහ කාඞ්පතින් අවවාද ලබා පිටියෙන් ඉවත්ව සිටි අතර එම අවස්ථාව දෙකේදීම හැව්ලොක්ස් පිල උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. 

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට 22-18ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.