Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් ලකුණු 23-12 කින් ජයගනී

හැව්ලොක්ස් ලකුණු 23-12 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන ‘ඩයලොග්’ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී අද (09) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් සත්කාරක හැව්ලොක්ස් පිල ලකුණු 23-12 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රාහි හැව්ලොක්ස් පිල ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබීය. යුද හමුදා පිලට දඩුවම් පහර හතරකින් ලකුණු එකතු විය.

පළමු අර්ධයේ දෙවැනි, හත්වැනි සහ 16 වැනි මිනිත්තුවලදී ලැබුණු දඩුවම් පහරවලින් දෙකක් රීසා මුබාරක් සාර්ථ කිරීමත් සමඟ හැව්ලොක්ස් පිල ලකුණු 6-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

යුද හමුදා පිල වෙනුවෙන් 26 වැනි මිනිත්තුවේදී ගයාන් සාලින්ද සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 6-3 ක් බවට පත්විය.

පළමු අර්ධය අවසන් වන විට දෙපිලම දඩුවම් පහර දෙක බැගින් සාර්ථක කරමින් ලකුණු 6-6 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

හැව්ලොක්ස් පිල දෙවැනි අර්ධයේදී ගෝලයක් සහ උත්සාහක දිනුම් දෙකක් ලබමින් පෙරමුණට පැමිණියේය.
මිතුන් හපුගොඩ, රාහුල් දෙල්පචිත්‍ර සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සාහක දිනුම බැගින් සාර්ථ කළහ. රීසා මුබාරක් ගෝල ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කළේය.

ගයාන් සාලින්ද, යුද හමුදා පිලේ දඩුවම් පහර හතරම සාර්ථක කළේය.  

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

හැව්ලොක්ස් ලකුණු 23-12 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.