Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ‘සුපිරි’ වටයේ හැව්ලොක්ස් පිල සහ මහනුවර පිල අතර තීරණාත්මක අවසන් තරගය ඉරිදා (03 වැනිදා) හැව්ලොක්ස් පිටියේදී පැවැත්වේ. මෙම තරගය පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම මෙවර ලීග් ශූරයන් බවට පත්වේ. හැව්ලොක්ස් පිලට ලීග් ශූරයන් වීමට මෙම තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීම ද ප්‍රමාණවත් වී තිබේ.
හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 77 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින අතර මහනුවර පිල ප්‍රසාද ලකුණු 75 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.
‘පළඟ’ ශූරතා සඳහා වන අවසන් තරගය යුද හමුදා පිල සහ පොලිස් පිල අතර හෙට (02) වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්වේ.
යුද හමුදා පිල ප්‍රසාද ලකුණු 44 ක් ද, පොලිස් පිල ප්‍රසාද ලකුණු 38 ක් ද, ලබා සිටින අතර යුද හමුදා පිල ප්‍රසාද ලකුණු 6 ක් ඉදිරියෙන් සිටියි. ඒ අනුව යුද හමුදා පිල මෙම තරගයෙන් පරාජය වුවද පොලිස් පිල අතිරේක ප්‍රසාද ලකුණු නොලැබුවහොත් යුද හමුදාවට ‘පළඟ’ ශූරතාව හිමිවේ.
හෙට සහ අනිද්දා පැවැත්වෙන තරග
● මාර්. 2 - යුද හමුදා පිල සහ පොලිස් පිල අතර වැලිසර නාවික හමුදා පිටියේදී
● මාර්. 2 - සී. ආර්. පිල සහ සී. එච්. පිල අතර තරග කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී (පස්වරු 7.30)
● මාර්. 3 - හැව්ලෝකස් පිල සහ මහනුවර පිල අතර හැව්ලොක්ස් පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.