Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රග්බි පිල හොං කොං හී කොස්වේ බේ නුවර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අනුශුරතාව හිමිකරගනිමින් එවැනි දස්කමක් කළ පළමු ශ්‍රී ලංකා කණ්ඩායම බවට පත්විය.
මීට පෙර කිසිදු ආසියානු රග්බි තරගාවලියක කුසලාන වටයේ අවසන් පුර්ව තරගයෙන් ඉහළට නොගිය, එසේත් නොමැතිනම් ශ්‍රේණිගත කිරිම්වල තුන්වැනි ස්ථානයෙන් ඉහළට නොගිය ශ්‍රී ලංකා රග්බි පිල කණ්ඩායම විසින් අවසන් මහා තරගයේ දී සත්කාරක හොං කොං පිල දැඩි පීඩනයකට පත් කළේය. තරගය නිමාවීමට මොහොතක් තිබියදී ලකුණු 17-12 කින් පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා පිල සමත් වූ නමුත් අවසානය ආසන්න වෙද්දී හොං කොං පිල ලබාගත් උත්සාහක දිනුම් දෙකක් හේතුවෙන් ඓතිහාසික ජයක් වැළකී ගියේය.
අවසන් තරගයේදී පළමු භාගය නිමාවනවිටත් ලකුණු 12-7 කින් ඉදිරියෙන් පසුවූ හොංකොං පිල දැඩි පීඩනයකට තල්ලු කරමින් දෙවැනි භාගයේ ආරම්භයේදීම පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය. හොංකොං පිලේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරු ද විමතියට පත් කළ මේ පෙරළිකාර සිදුවීමෙන් පසුව සත්කාරකයෝ ක්‍රීඩා ඉතා පරිස්සම් සහගතව ක්‍රීඩා කළහ.
අනතුරුව අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගත්තේ ශ්‍රී ලංකා පිල දෙවැනි තැනට ඇද දමමිනි.
තරගාවලියේ අනුශූරයන් වුවත් ශ්‍රී ලංකා පිල අද ක්‍රීඩා කළ ආකාරය බෙහෙවින් විස්මිත බැව් හොංකොං පිලේ පුහුණුකරු ගැරත් බාබර් මහතා තරගයෙන් පසුව කීවේය.
පළපුරුදු ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීම හේතුවෙන් යොවුන් ක්‍රීඩකයන් පිරිවරා හොංකොං නුවරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දි පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ සෙසු අදියරවලදී දරුණු ප්‍රතිවාදීන් පිරිසක් වනු ඇතැයි ඔහු කල්තියාම කියා සිටියේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 2 ක් තැබූ අතර ජේසන් දිසානායක උත්සාහක දිනුමක් ලබාගත්තේය. දුලාජ් පෙරේරා ඉන් එකක් ගෝලයක් බවට පත් කළේය.
කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගැනීමෙන් හොංකොං පිල ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 10 ක් ලබා දෙවැනි ස්ථානයට පත්විය. තුන්වැනි තැන හිමිවූ දකුණු කොරියාවට ප්‍රසාද ලකුණු 8 ක් ද, සිවුවැනි තැනට පත්වූ චීනයට ප්‍රසාද ලකුණු 7 ක් ද හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.