Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම රග්බි තරගාවලිය වන ‘ඩයලොග්’ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලිය (2018/2019) මේ මස 9 වැනිදා ආරම්භ වේ.
මෙවර ද පළමු අදියර තරගාවලියට මහනුවර ක්‍රීඩා සමාජය, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී., සී. එච්. ඇන්ඞ් එෆ්. සී., හැව්ලොක්ස්, පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන කණ්ඩායම් 8 සහභාගි වෙයි.
තරගාවලියේ පළමු අදියර දෙසැම්බර් මස 23 වැනිදා අවසන් වීමට නියමිත අතර දෙවැනි අදියර ජනවාරි මස 4 වැනිදා ආරම්භ වී පෙබරවාරි මස 17 වැනිදා අවසන් වීමට නියමිතය.
මෙවර තරගාවලියේ වෙනස්කම් කීපයක් සමඟින් පැවැත්වෙන අතර මෙවර දෙවැනි වටය අවසානයේ ‘ඩයලොග් සුපිරි වටය’ ලෙස සති දෙකක තරගාවලියක් පැවැත්වේ.
එම තරගාවලියේදී දෙවැනි වටයේ අවසානයේ පෙරමුණේ සිටින කණ්ඩායම් හතර ‘කුසලාන’ ශූරතාව සඳහා ද, පහළ කණ්ඩායම් හතර ‘පළඟ’ ශූරතාව සඳහා ද, තරග කරයි.
මෙවර එක කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ. එහිදී කණ්ඩායමක 23 දෙනාට එක විදේශ ක්‍රීඩකයකු පමණක් ඇතුළත්විය හැකි බව තරගාවලි කමිටු සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පැවසීය.
මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ රග්බි සංගමයේ වර්තමාන පාලනයට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදෙමින් සහයෝගය ලබාදෙන බවයි.
“ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා සංගම් 63 ක් සමග කටයුතු කළ යුතුයි. රග්බි සංගමයත් ඉන් එකක්. අපි රග්බි සංගමය සමගත් සම්බන්ධතාව ගොඩනඟාගෙන අවශ්‍ය සහයෝගය දෙනවා” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න, උප සභාපති රිස්වි ඉල්ලියාස් සහ ඩයලොග් සමාගමේ සාමානාධිකාරී (සන්නාම සහ මාධ්‍යය) හර්ෂ සමරනායක යන මහත්වරු ද සහභාගි වූහ.
මෙවර තරගාවලිය ආරම්භ කරමින් පොලිස් පිල සහ නාවික හමුදා පිල අතර තරගය බම්බලපිටිය පොලිස් පිටියේදී 9 වැනිදා පස්වරු 4.00 ට පැවැත්වේ. දෙවැනි තරගය හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර තරගය හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී 9 වැනිදා පස්වරු 6.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියට ‘ඩයලොග්’ ආසියාටා සමාගම පිට පිටම හයවැනි වසරටත් පූර්ණ අනුග්‍රහය දක්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.