Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් අවුරුදු 18 න් පහළ සත් සාමාජික II වැනි කොටසේ රග්බි තරගාවලිය සඳහා රගර් තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ සේවය නොලැබීම නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම තරගාවලියට තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා දීම ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.
තම සංගමය එවන් පියවරක් ගෙන ඇත්තේ ඉහත තරගාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නියමිත අවසර නොගැනීම නිසා බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය කියා සිටී.
රාජගිරිය කලපළුවාවේ පිහිටා ඇති කොළඹ ආනන්ද විදුහල් රග්බ් ක්‍රීඩා පිටියේදී ඊයේ (21 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ මේ තරගාවලියේ දෙවැනි සහ තුන්වැනි දිනවල තරග පැවැත්වීමට නියමිතය තිබූයේ මොරටුව මහ විදුහල් පිටියේදී බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඕනෑම තරාතීරමක රග්බි තරගාවලියකට තම සංගමයේ අනුමැතිය අනිවාර්යය බවට ශ්‍රී ලංකා රග්බි සංගමය පසුගියදා නිවේදනය කළේය.
කෙසේ වෙතත් ඊයේ ආරම්භවීමට නියමිතව තිබූ 18 න් පහළ සත් සාමාජික තරගාවලියට මෙම කොන්දේසිය පැනවීමට පෙර සකස් කරගත් තරගාවලියක් බැවින් ඊට ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතියක් අවශ්‍ය නොවන බව පාසල් රග්බි සංගමයේ ප්‍රකාශයෙක් පැවැසීය. එමෙන්ම ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතැයි ද ඔහු කීවේය.
තරගාවලිය ඊයේ ආරම්භ කිරීමට නොහැකිවූ බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත තරගාවලිය කල් දැමූ බවත් පාසල් රග්බි සංගමයේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති, ලේකම්, උප සභාපති ඇතුඵ නිලධාරින් රැසක්ම මේ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට පසුගිය දින කිහිපයේදීම කටයුතු කළ බවත්, ඒ කිසිදු නිලධාරියකු ඊට විරෝධතාව පළ නොකළ බවත් පාසල් රග්බි සංගමයේ ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය. එවැනි තත්ත්වයක් යටතේ ඊයේ ආරම්භවීමට නියමිතව තිබූ අන්තර් පාසල් අවුරුදු 18 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට අනුමැතිය ලබා නොදීමට අවසන් මොහොතේ මවු සංගමය තීරණය කිරීම ගැටළුසහගත තත්ත්වයක් බවද එම ප්‍රකාශකයාගේ අදහස විය.
මේ තරගාවලිය සති අන්තයේ පැවැත්වෙන තරගාවලියක් වූවත් ඊට ඉදිරිපත් වූ කණ්ඩායම් ප්‍රමාණය නියමිත ගණන ඉක්මවා ගිය බැවින් තවත් පාසල් 16ක් අතර පැවැත්වෙන තරගාවලියකින් තෝරාගන්නා කණ්ඩායම් 4 ක් සති අන්තයේ පැවැත්වෙන තරගාවලියට එක් කිරීමට සියලු පාසල් කණ්ඩායම්වල එකඟතාව මත පියවර ගෙන තිබිණි.
ඒ සඳහා සහභාගිවීමට නියමිතව සිටි විවිධ පළාත්වල පාසල් ක්‍රීඩකයෝ 250 කට ආසන්න සංඛ්‍යාවකට ඊයේ දවස පුරා රාජගිරිය ක්‍රීඩාංගණයේ රස්තියාදුවීමට සිදුවී තිබූ අතර මවු සංගමයෙන් තීරණයක් ලැබෙන තුරු තරගාවලියට එක්වීම පමා කළ රගර් විනිසුරුවරු කිහිපදෙනෙක්ද ඒ අතර වූහ.
අනවශ්‍ය ලෙස තම සංගමය පාලනය කිරීමට මවු සංගමය කටයුතු කරන බවට ද පාසල් රග්බි සංගමයෙන් චෝදනාවක් එල්ලවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.