Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ආසියාවේ 1,2,3 අතරට එන්න පුළුවන් - මරීජා

ආසියාවේ 1,2,3 අතරට එන්න පුළුවන් - මරීජා

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයන්ට විදේශ පුහුණුවක් ලබා දෙන්නේ නම් ප‍්‍රබල රටවල්වලට අභියෝග කිරීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා රග්බි පිලේ නායක ෆසිල් මරීජා පැවසීය. ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවනාගාරයේදී පසුගියදා පැවැති අගයීමේ උත්සවය අමතමින් මරීජා මෙසේ ද පැවසීය.

”අපේ ක‍්‍රීඩකයන්ට නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව වැනි රටක පුහුණුව ලබා දෙන්න පුළුවන්නම් ශ්‍රී ලංකාවට ආසියාවේ එක, දෙක ස්ථානවලට එන්න පුළුවන්. මට මාස දෙකක එවැනි පුහුණුවකට අවස්ථාවක් ලැබුණා. එය අඛණ්ඩව ලැබුවා නම් මට එහි තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව ද තිබුණා”

”මම ක‍්‍රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ රග්බි ක‍්‍රීඩකයන්ටත් එවැනි අවස්ථාවක් ලබා දෙන්න කියලා”

”මම 2003 වසරේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන විට මගේ වයස 17 යි. මම ෆ්ලයි හාෆ් ස්ථානයේ ක‍්‍රීඩා කළේ. මම ක‍්‍රීඩා කරපු දිනයේ සිට ඊට පෙර ෆ්ලයි හාෆ් ගාහපු මගේ ඥාති සොයුරාට ක‍්‍රීඩාවෙන් සමුගන්න වුණා” යැයි ඉතාමත් සිනාමුසු මුහුණෙන් මරීජා පැවසීය.

”ඒදා මම ජාතික කණ්ඩායමට එන විට කණ්ඩායම ක‍්‍රීඩකයන් තුන්දෙනකුගෙන් යැපුණා. නමුත් මේ වන විට අපිට කණ්ඩායම තෝරා ගැනීම අපහසුවන තරමට දක්‍ෂ ක‍්‍රීඩකයන් ඉන්නවා” යැයි මරීජා වැඩි දුරටත් පැවසීය. 


අදහස් (0)

ආසියාවේ 1,2,3 අතරට එන්න පුළුවන් - මරීජා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.