Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ඉසිපතන - ගල්කිස්ස විද්‍යා රග්බි අවසන් තරගය අනිද්දා

ඉසිපතන - ගල්කිස්ස විද්‍යා රග්බි අවසන් තරගය අනිද්දා

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ ගලිකිස්ස විද්‍යා විද්‍යාලය අතර අවසන් මහ තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අනිද්දා (12) පස්වරු 4.30 ට පැවැත්වේ.

ප‍්‍රබල ඉසිපතන විදුහල් පිල මෙවර ලීග් තරගාවලියේ අනු ශූරයන් වන අතර මෙවර ලීග් ශූරයන් වන කොළඹ රාජකීය විදුහල් අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්විය.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය මෙවර ලීග් තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වෙමින් සිවුවැනි ස්ථානයට පත්විය.

පළමු අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල ලකුණු 37-28 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල් පිල පරාජය කළ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී විද්‍යා විද්‍යාලය ලකුණු 52-26 කින් කොළඹ රාජකීය විදුහල පරාජය කළේය.

මෙම තරගයට සහභාගි වන ප‍්‍රබල ඉසිපතන විදුහල් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා වයස 20 න් පහළ රග්බි පිලේ නායකත්ව දැරූ ඔමල්ක ගුණරත්න කටයුතු කරයි. ඉසිපතන විදුහල මේ වන විට මෙම තරගාවලියේ ශූරතාව වසර හයක් දිනා ගනිමින් වැඩිම ශූරතාව දිනූ පාසල බවට පත්ව සිටියි.

ශ‍්‍රී ලංකා වයස 20 න් පහළ රග්බි සංචිතය නියෝජනය කළ ලසිඳු කරුණාතිලක විද්‍යා විද්‍යාලයීය පිලේ නායකයා ලෙස කටයුතු කරයි.

අවසන් මහ තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ක‍්‍රීඩා සභාවේ වර්තමාන සභාපති, ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපවරයකු වන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා සහභාගි වීමට නියමිතය.   

 


අදහස් (0)

ඉසිපතන - ගල්කිස්ස විද්‍යා රග්බි අවසන් තරගය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.