Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවලියේ අපරාජිතව සිටින කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර මෙවර වඩාත් තීරණාත්මක තරගය ලොන්ඩන් පෙදෙස සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිටියේදී හෙට (18) පැවැත්වේ.
මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම මෙවර කුසලාන ශූරයන් බවට පත්වේ.
කුසලාන ශූරතා වටයේ අවසන් සතිය යටතේ හෙට තවත් තරග තුනක් පැවැත්වේ.
ඉසිපතන විදුහල සහභාගි වූ තරග අටම ජය ලබා ප්‍රසාද ලකුණු 44 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටියි. සාන්ත තෝමස් විදුහල සහභාගි වූ තරග අටම ජය ලබා ප්‍රසාද ලකුණු 42.5 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වෙයි.
මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට ප්‍රසාද ලකුණු 5 ක් හිමිවන අතර අතිරේක ප්‍රසාද ලකුණත් සමඟ ජය ලැබුවහොත් ලකුණු 6 ක් හිමිවේ. ඒ අනුව ඉසිපතන විදුහල ජය ලැබුහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 49 ක් වන අතර සාන්ත තෝමස් විදුහල ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 47.5 ක් බවට පත්වේ.
ඉසිපතන විදුහලට ශූරයන් වීමට තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීම ද ප්‍රමාණවත් වේ.
ගල්කිස්ස විද්‍යා විද්‍යාල තරග හයක් ජය ලබා ප්‍රසාද ලකුණු 34 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයේ ද, කොළඹ රාජකීය විදුහල තරග 5 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 32.5 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
විද්‍යා විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර හැව්ලොක්ස් පිටියේදී හෙට පැවැත්වෙන තරගය තෙවැනි ස්ථානය සඳහා සටනක් බවට පත්ව තිබේ.
හෙට (18) පැවැත්වෙන තරග
● ඉසිපතන සහ සාන්ත තෝමස් විදුහල අතර සී. ආර්. පිටියේදී
● රාජකීය විදුහල සහ විද්‍යා විද්‍යාල අතර හැව්ලොක්ස් පිටියේදී
● ශාන්ත පීතර විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර පල්ලෙකැළේ රග්බි පිටියේදී
● ශාන්ත අන්තෝනි විදුහල සහ වෙස්ලි විදුහල අතර නිත්තවෙල රග්බි පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.