Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ අද (02) සමත් වූහ.
කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මෙවර ලීග් ශූරයන් වන ඉසිපතන විදුහල් පිල ලකුණු 24-20 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කළේය.
ශාන්ත පීතර විදුහල ලකුණු 20-19 ක් ලෙස පෙරමුණේ සිටියදී තරගය අවසන් වීමට මිනිත්තු දෙකක් තිබියදී ඉසිපතන විදුහලේ දෙවින් ගුණරත්න සාර්ථක කළ උත්සාහක දිනුමත් සමඟ ඉසිපතන විදුහල ලකුණු 24-20 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණෙමින් අවසන් මහ තරග වරම් හිමිකර ගත්තේය.
මෙම තරගය ආරම්භයේ සිටම තියුණු එකක් වූ අතර පළමු අර්ධය අවසන් වන ශාන්ත පීතර විදුහල ලකුණු 13-12 ක් ලෙස පෙමුණේ පසුවිය. ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ අවසන් මිනිත්තු දෙක දක්වා ඉසිපතන විදුහලට කිසිඳු අවස්ථාවක ඉදිරියට පැමිණීමට අවස්ථාව නොදීම කැපී පෙනුණි.
ජයග්‍රාහි ඉසිපතන විදුහල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස් කළේය. ශාන්ත පීතර විදුහල ගෝල 2 කින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලැබීය.
ඉසිපතන විදුහල වෙනුවෙන් වගීෂ වීරසිංහ, සුමුදු රන්කොත්ගේ, කුෂාන් ඉඳුනිල් සහ දෙවින් ගුණරත්න උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් වූහ. ගයාන් වික්‍රමරත්න ගෝල ප්‍රවර්ථන සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කළේය.
ශාන්ත පීතර විදුහල වෙනුවෙන් සන්දේෂ් ජයවික්‍රම සහ ස්ටීපන් ශිවරාජ් උත්සාහක දිනුම් සම්පූර්ණ කළහ. ස්ටීපන් ශිවරාජ් ගෝල ප්‍රවර්ථන දෙක සහ දඬුවම් පහර සාර්ථක කිරීමට සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.