Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව මෙහෙයවූ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ අද (13) සමත් වූහ. කොළඹ රාජකීය විදුහලට අනු ශූරතාව හිමිවිය.
ඉසිපතන විදුහල මෙවර ලීග් සහ පිළිම`ඵන් පිටු දැකීමේ ශූරතා දෙකම දිනා ගනිමින් ද්විත්ව ශූරතා දිනා ගැනීම කැපී පෙනුණි.
කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ඊයේ පැවැති අවසන් මහ තරගයේදී ඉසිපතන විදුහල් පිල ලකුණු 47-12 කින් කොළඹ රාජකීය විදුහල් පිල පරාජය කිරීමට සමත් විය.
ඉසිපතන විදුහල ගෝල 6 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කර ගත්තේය. රාජකීය විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.
ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම රාජකීය විදුහල් ගෝල සීමාව ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-7 ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් වූහ.
ඉසිපතන විදුහල් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් රැන්ඩි ඔෂාන් සිල්වා උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කිරීමට සමත් විය.
අනුරුද්ධ රන්කොත්ගේ උත්සාහක දිනුම් දෙකක් ද, රනිඳු පත්මසංඛ සහ කුෂාන් ඉඳුනිල් සිල්වා උත්සාහක දිනුම බැගින් ද සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ගයාන් වික්‍රමරත්න ගෝල ප්‍රවර්ථන 5 ක් ද, රනිඳු පත්මසංඛ ගෝල ප්‍රවර්ථනයක් ද, සාර්ථකරමින් අතිරේක ලකුණු එකතු කළහ.
අශෝක් විජේකුමාර් සහ අස්මීර් ෆජුඩීන්, රාජකීය විදුහලට උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර ඔවින් ඇස්කි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කළේය.
ජායාරූපය: කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.