Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ පළමු වටයේ තරග අවසන් වන විට මහනුවර ත්‍රිත්ව විදුහල එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියේය.
ඉසිපතන විදුහල තරග හයෙන් පහක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 28 ක් ලබා 1 වැනි කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. කොළඹ රාජකීය විදුහල තරග හයෙන් තරග පහක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 27.5 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, මරදාන ශාන්ත ජෝශප් විදුහල තරග හතරක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 26 ක් ලබා තෙවැනි ස්ථානය ද, හිමිකරගෙන සිටියි.
පළමු කොටසේ 2 වැනි කාණ්ඩයට පාසල් හයක් පමණක් ඇතුළත්ව තිබේ. ත්‍රිත්ව විදුහල් පිල තරග පහ ජය ලබා ප්‍රසාද ලකුණු 27.5 ක් සමගින් එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි.
බොරැල්ල වෙස්ලි විදුහල තරග හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු 23.5 ක් සමගින් දෙවැනි ස්ථානයේ ද, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 18.5 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසු වෙයි.
ඉසිපතන, රාජකීය, ශාන්ත ජෝශප් සහ ශාන්ත පීතර යන විදුහල් 1 වැනි කාණ්ඩයෙන් ද, ත්‍රිත්ව, වෙස්ලි, සාන්ත තෝමස් සහ සහිරා යන විදුහල් 2 වැනි කාණ්ඩයෙන් ද, කුසලාන ශූරතා වටයට සුදුසුකම් ලබා සිටියි. දෙවැනි වටයේ තරග මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතය.
පළමු වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහන
‘ඒ’ කොටස - 1 වැනි කාණ්ඩය | ||||||||
පාසල | තරග | ජය | පරාජ | වි.තො | ලැ.ල | දු.ල | අ.ප්‍ර. | ප්‍ර.ල |
ඉසිපතන | 6 | 5 | 1 | - | 206 | 141 | 2 | 28 |
රාජකීය | 6 | 5 | 1 | - | 175 | 111 | 1.5 | 27.5 |
ශාන්ත ජෝශප් | 6 | 4 | 2 | - | 229 | 108 | 4 | 26 |
ශාන්ත පීතර | 6 | 3 | 3 | - | 134 | 123 | 1.5 | 19.5 |
ශාන්ත අන්තෝනි | 6 | 2 | 4 | - | 194 | 191 | 3.5 | 17.5 |
ධර්මරාජ | 6 | 2 | 4 | - | 141 | 145 | 2.5 | 16.5 |
ඩී. එස්. | 6 | 0 | 6 | - | 72 | 323 | 0 | 1 |
‘ඒ’ කොටස - 2 වැනි කාණ්ඩය | ||||||||
පාසල | තරග | ජය | පරාජ | වි.තො | ලැ.ල | දු.ල | අ.ප්‍ර | ප්‍ර.ල |
ත්‍රිත්ව | 5 | 5 | - | - | 273 | 74 | 2.5 | 27.5 |
වෙස්ලි | 5 | 4 | 1 | - | 143 | 123 | 2.5 | 23.5 |
සාන්ත තෝමස් | 5 | 3 | 2 | - | 139 | 88 | 1.5 | 18.5 |
සහිරා | 5 | 2 | 3 | - | 162 | 120 | 3 | 16 |
විද්‍යා | 5 | 1 | 4 | - | 111 | 130 | 2 | 11 |
වේල්ස් කුමර | 5 | 0 | 5 | - | 34 | 154 | 0 | 3 |
කෙටි යෙදුම්: වි.තො - විසඳුමකින් තොර, ලැ.ල - ලැබු ලකුණු, දු.ල - දුන් ලකුණු, | ||||||||
අ.ප්‍ර - අතිරේක ප්‍රසාද ලකුණු, ප්‍ර.ල - ප්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.