Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අසූ එක්දහසකට අධික වාර්තාගත කී‍්‍රඩාලෝලීන් සංඛ්‍යාවක් සාක්ෂිකරුවන් බවට පත් කළ වේල්සය ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී ඊයේ එංගලන්තයට එරෙහිව අවසන් මිනිත්තු 9කදී පෙරළිකාර රංගනයක් විදහා පාමින් ලකුණු 28-25 ක විස්මිත ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය.
මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ වඩාත්ම උණුසුම් තරගයක් බවට පත්ව තිබූ මෙම තරගයේ තරගයේ 70 වැනි මිනිත්තුව පනිද්දි ලකුණු 25-18 ක පසුබෑමකට ලක්ව සිිටි වේල්ස් කණ්ඩායම තම ප‍්‍රබලතම කී‍්‍රඩකයන් දෙදෙනකු ගිලන් මැස්සක ආධාරයෙන් පිටියෙන් ඉවතට යාම නිසා වඩාත් වික්ෂිප්ත භාවයට පත්ව සිටියේය. ඔවුන්ට කී‍්‍රඩා කරන්නට සිදුව තිබුණේ ඒ තත්ත්වයෙනි.
ඒ වනවිටත් එංගලන්තය ජයග‍්‍රහණය සමරන්නට පටන්ගෙන තිබිණි.
වේල්සයේ සෙන්ටර් කී‍්‍රඩක ස්කොට් විලියම්ස් සහ ෆුල්බෑක් කී‍්‍රඩක ලයම් විලියම්ස් දෙදෙනාම පිටියෙන් ඉවත්වූයේ තරගය නිමාවීමට මිනිත්තු 15 ක් ඉතිරිව තිබියදීය. ඊට පෙර වින්ග් කී‍්‍රඩක හැලම් ආමෝස් අතෙහි ඇතිවූ ආබාධයක් මත පිටියෙන් ඉවත්වූයේ තරගයේ පළමු භාගයේදීය.
එහෙත් ලෙහෙසියෙන් හිස් අතින් ගෙදර නොයන වේල්සයට පරාජයේ අඳුරු වලාවෙන් ජයග‍්‍රහණයේ රිදී රේඛාව මතුකර දීමට ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක ගැරත් ඬේවිස් සමත්වූයේ සටන්කාමී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි.
ඒ විස්මිත උත්සාහක දිනුමෙන් එංගලන්තය අන්ද මන්ද වෙද්දී සිය සගයාගේ සටන්කාමීත්වයට නියම ගෞරවය හිමිකර දුන් ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඩැන් බිගර් එය සාර්ථක ලෙස ගෝලයක් බවට පත් කොට 72 වැනි මිනිත්තුව වෙද්දී ලකුණු 25-25 කින් දෙපිලම සම තත්ත්වයට පත්කළහ.
දැන් තරගයේ මුහුණුවර හැම අතින්ම තියුණුය.
සත්කාරක එංගලන්තයේ කී‍්‍රඩාලෝලීන්ගේ ජයඝෝෂා හඩ පරයමින් වේල්සයේ කී‍්‍රඩාලෝලීන්ගේ ඔල්වරසන් නාදය කී‍්‍රඩාංගණය සිසාරා පැතිරී යන්නට පටන් ගත්තේය. තවත් මිනිත්තු 6 ක් පමණක් ඉතිරි කරමින් 74 වැනි මිනිත්තුව උදාවෙද්දී එංගලන්තයට එරෙහිව ජය ලබන්නට වේල්සයට වඩාත්ම වැදගත් වූ දඩුවම් පහර එල්ල කිරීමට නමේ හැටියටම වැඩ පෙන්වූ බිගර් සමත්වූයේ එංගලන්ත කී‍්‍රඩකයන්ගේ නළල රැුළි ගන්වමිනි.
නොතිබූ ජයග‍්‍රහණක් කරා වේල්සය ඇදගෙන යමින් මීටර් 48 ක දුරක සිට ගැසූ බිගර්ගේ විස්මිත දඩුවම් පහරින් ඉගිළුනු පන්දුව ගෝල කණු අතරින් පියාඹා ගියේය. එය ඊයේ තරගයේ ඔහු සාර්ථක කරගත් 7 වැනි දඩුවම් පහරය. මෙම විස්මිත පහරත්් සමගින් ඔහු වේල්ස් පිලට දුන් ලකුණු සංඛ්‍යාව 21 කි. වේල්සයේ එකම උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කරමින් එතැනින් ද ලකුණු 2 ක් වැඩි කළේය.
ඒ අනුව වේල්සය ලැබූ ලකුණු 28 න් උත්සාහක දිනුමෙන් ලද ලකුණු 5 හැරුණුවිට ඉතිරි ලකුණු සියල්ලෙහිම හිමිකාරයා වූයේ ද බිගර්ය. එය ලෝක කුසලාන රග්බි තරගයක වේල්සයේ කී‍්‍රඩකයකු රැුස් කළ ඉහළම ලකුණු ප‍්‍රමාණයද වේ.
තරගයේ කාර්යබහුලතම කී‍්‍රඩකයා වූ බිගර් සිය ද`ඩුවම් පහර දඩයම පටන් ගත්තේ තරගයේ දෙවැනි මිනිත්තුවේදීමය. ඊට මිනිත්තු 9 කට පසුව වින්ග් කී‍්‍රඩක ඇන්තනී වොට්සන් පන්දුව ගෙන දුවද්දී වේල්සයෙන් කළ නීතිවිරෝධී බාධාවක් හමුවේ ලද ද`ඩුවම් පහර සාර්ථක කරගත් එංගලන්තයේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඕවන් ෆැරල් ලකුණු තත්ත්වය 3-3 කින් සමකර ගත්තේය.
වරින් වර එලෙස බිගර්ගේ සහ ෆැරල්ගේ බූට්ස් යුගලයේ පහර ලබමින් දෙපිලටම ලකුණු පුවරුවෙන් ලැබුණු වාසිය කී‍්‍රඩාලෝලීන් කුතුහලයෙන් පුරවා දැමූ එකක් වූවා පමණක් නොව දෙපිලේහිම කී‍්‍රඩකයන්ගේ ලේ රත් කරවීමට සමත් එකක් බවට පත්විය.
තරගයේ 21 වැනි මිනිත්තුවේ දී එය වඩාත් හොඳින් පැහැදිලි වූයේ ලකුණු 6-6 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙද්දී ටොම් වුඞ්ට දෑකැත්තෙන් කොටන්නාක් මෙන් ඩැන් ලිඩියේට් දැමූ නීතිවිරෝධී කකුල් මාට්ටුවයි. ඉන් කුපිත වූ දෙපිලේහිම කී‍්‍රඩකයන් එකිනෙකා තල්ලූ කරගනිමින් දබර කරද්දී ඒ කෝලහාලයට එකතු වෙන්නට එංගලන්ත පිලේ ෆුල් බෑක් කී‍්‍රඩක මයික් බ‍්‍රවුන් දිව ආවේ යාර 20 කට වැඩි දුරක සිටය.
කෙසේවෙතත් 42 හැවිරිදි ප‍්‍රංශ ජාතික තරග තීරක ජෙරොම් ගේ‍්‍රසස් එය දෙපිලටම හානියක් නොවන ලෙස නතර කළේ බොහෝ අසීරුවෙනි.
ඊළ`ග මිනිත්තුවේ දී ස්ක‍්‍රම් පොදියේ දී වේල්සය වෙතින් සිදුවූ නීතිවිරෝධී බාධා කිරීමකින් ලද ද`ඩුවම් පහර සාර්ථක කරගත් ෆැරල් එංගලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 9-6 කින් ඉදිරියට ගෙන ගියේය. බෙන් යංග්ස්ගේ දක්ෂ පන්දු පිරිනැමීමක් සාර්ථකව ඩැහැ ගත් වින්ග් කී‍්‍රඩක ජොනී මේ ඉතිරිව තිබූ අවසන් මීටර් දහය අධිවේගයෙන් දිවගොස් තැබූ එංගලන්තයේ පළමු හා එකම උත්සාහක දිනුම වාර්තාවූයේ 26 වැනි මිනිත්තුවේදීය. කිසිදු අපහසුවකින් තොරව ෆැරල් එය ගෝලයක් බවට පත් කිරීමෙන් එංගලන්තයේ ලකුණු සංඛ්‍යාව 16-6 කින් ඉහළ ගියේය.
වේල්සයේ වැඩි බර කරට ගත් බිගර්ට නොදෙවැනි කී‍්‍රඩා විලාශයක නිරතවූ ෆැරල් ඊයේ තරගයේ දී ද`ඩුවම් පහර 5 ක් සාර්ථක කරගත් අතර උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කිරීමට පෙර අනගි ඩ්‍රොප් ගෝලයක් ද නිවැරදි ඉලක්කයට යැවීය.
මේ දස්කම් මත තරගයේ පළමු භාගය ලකුණු 16-9 කින් පෙරමුණ ගත් එංගලන්ත කී‍්‍රඩකයන් හැම අතින්ම ජයග‍්‍රහණට සමීපව සිටියත් අවසන් මොහොතේ පරාජයේ වේදනාවට උරුමකම් කියන්නට සිදුවූයේ වේල්සයේ ගැරත් ඬේවිස් සහ ඩැන් බිගර් පරලවීම නිසාය.
මේ ජයග‍්‍රහණයත් සමග වේල්සය දැන් ‘ඒ‘ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පත්ව සිටින්නේ සත්කාරක එංගලන්තටත් දැඩි අසීරුතාවකට ඇද දමමිනි. දැන් එංගලන්තයට සිදුවී ඇත්තේ අර්ධ අවසන් වටයේ තැනක් සොයා ලබන 3 වැනිදා ඕස්ටේ‍්‍රලියාව සමග මරා ගන්නටය.
එක්කෝ ඕස්ටේ‍්‍රලියාවය. නැතහොත් එංගලන්තයයි. අන්තර්ජාතික කී‍්‍රඩා පිටියේ පැරණිතම ප‍්‍රතිවාදීන් දෙදෙනා සටනට පිවිසෙන 3 වැනිදා දෙකින් එකක් තෝරා ගැනීමට දෙපිලේම අයට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.