Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner කි‍්‍රෂ් ඇෂ්ටන් ගෙදර යවයි

කි‍්‍රෂ් ඇෂ්ටන් ගෙදර යවයි

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සත්කාරක රාජ්‍යය ලෙස මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාව සඳහා හොඳම කණ්ඩායම ඉදිරිපත් කිරීමට සියලූ උත්සාහයන් දරන එංගලන්තයේ ප‍්‍රධාන පුහුණුකරු ස්ටුවර්ට් ලැන්කැස්ටර් රග්බි ලෝක කුසලාන සංචිතයෙන් දැන් දොට්ට දමා ඇති කී‍්‍රඩකයන් ගණන 7කි. ඔහුගේ අලූත්ම ගොදුර බවට පත්වූයේ ප‍්‍රබල කී‍්‍රඩකයකු වන කි‍්‍රස් ඇෂ්ටන්ය.

ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ඇරැඹෙන රග්බි ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 31 වැනිදා දක්වා පැවැත්වේ. එබැවින් මේ මස 31 දාට පෙර එංගලන්ත කණ්ඩායම 31 දක්වා අඩු කිරිමට ලන්කැස්ටර්ට සිදුවී ඇත.

ඔහු දැනට සංචිතයෙන් ඉවත් කොට ඇති කී‍්‍රඩකයන් අතරින් ඇෂ්ටන් වඩාත්ම කැපී පෙනෙන වින්ගර් කී‍්‍රඩකයකු විය. වින්ගර් කී‍්‍රඩකයන් වන සෙමේසා රොකොඩුගුනි සහ මාලන්ඞ් යාඩි, සෙන්ටර් කී‍්‍රඩක කයිල් ඊස්ට්මන්ඞ්, ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක ලී ඩික්සන්, ෆ්ලෑන්කර් කි‍්‍රඩක මැට් ක්වෙසික් සහ ප්‍රොප් මැට් මුලන් ඊට පෙර සංචිතයෙන් ඉවත් කර තිබිණි.

ඒ කෙසේ වෙතත් බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි රග්බි ලීග් කි‍්‍රඩක සෑම් බර්ගේස් සංචිතයේ තවමත් ඉතිරිවී සිටී.

”හැමෝම ඉතා හොඳින් දස්කම් දක්වමින් සිටින නිසා සංචිතය අඩු කිරිම හරිම අමාරු වැඩක්...” ලැන්කැස්ටර් කීවේය.

”ඒත් ලබන ඉරිදා (අද) ආපහු පුහුණුවීම්වලට නොඑන මේ කී‍්‍රඩකයන්ට මම කිව්වේ ඔයාලට කිසිම විදිහයකින් සංචිතයේ දොර වහලා නෑ කියලයි.... මෙවර තරගවාරයේ ජාත්‍යන්තර රග්බි තරග වැඩිපුර තිබෙන නිසා ආබාධවලින් ඈත් කර තබා ගැනීමේ අවශ්‍යතාව මතයි සංචිතයෙන් ඉවත්කළේ කියලා මම එයාලට තේරුම් කරලා දුන්නා” යයි කී‍්‍රඩකයන් ඉවත් කිරීම ගැන ලැන්කැස්ටර් කීවේය.

නිතරම දුරදිග බලා තීරණ ගන්නා පුහුණුකරුවකු ලෙස ප‍්‍රකට ස්ටුවර්ට් ලැන්කැස්ටර් මෙම පියවර ගෙන ඇත්තේ ටෙස්ට් තරග 3 ක් ඇතුලත් ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරයද සිහියේ තබාගෙනය.

ඇෂ්ටන්, යාඩි සහ රොකොඩුගුනී ඉවත් කිරීමෙන් සංචිතයේ ඉතිරිව සිටින වින්ගර් කී‍්‍රඩකයන් ගණන 3 දක්වා අඩුවී  තිබේ. ඇන්තනී වොට්සන්, ජැක් නෝවෙල් සහ ජොනී මේ යන වින්ගර් කී‍්‍රඩක ති‍්‍රත්වය අද පුහුණුවීම් සඳහා එක්වීමට නියමිතය.

කෙසේවෙතත් ලී ඩික්සන් ඉවත් කිරීමත් සමග ඔවුන්ගේ ස්ක‍්‍රම් හාෆ් බලඈණියේ ඉතිරිව ඇත්තේ බෙන් යන්ග්ස, රිචඞ් විග්ලෙස්වර්ත් සහ ඩැනී කෙයාර් පමණි.

ආබාධයකට ලක්වීම නිසා නික් ඊස්ටර් අවසන් සංචිතයට එක්වීමේ අවදානමෙන් සිටින අතර පාදයක් බිඳී ගිය බෙන් මෝගන්ට ද නැවත කණ්ඩායමට එක්වීමට නම් සිය ශාරිරික යෝග්‍යතාව නැවත තහවුරු කළ යුතුව ඇත.

”සමස්තයක් හැටියට ගත්තම අපි හොඳයි. ඊස්ටර් සහ මෝගන්ට දැන් කණ්ඩායමට එක්වීමට තරම් ශරීර සෞඛ්‍ය අතින් ඉහළ තත්ත්වයක ඉන්න බව මට විශ්වාසයි.

අපි ඒ දෙන්නටම අවස්ථාව දිය යුතුයි හොඳින් පුහුණුවීම්වල නිරතවෙලා ලබන සතියේ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණදෙන්න.” ලැන්කැස්ටර් කීවේය.

මේ මස 15 වැනිදා ප‍්‍රංශය සමග ලෝක කුසලාන රග්බි තරගමාලාවේ සිය පළමු පුහුණු තරගයට කී‍්‍රඩා කරන එංගලන්තය ලබන මස 18 වැනිදා ලන්ඩන් නුවර ට්වීකන්හැම් කී‍්‍රඩාංගණයේදී ෆිජී කණ්ඩායම සම`ග ලෝක කුසලාන රග්බි තරගමාලාවේ සිය මංගල තරගයට සහභාගී වීමට නියමිතය.

 


-  077


අදහස් (0)

කි‍්‍රෂ් ඇෂ්ටන් ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.