Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්ලිෆඞ් කුසලාන අන්තර් සමාජ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්වුහ.
මහනුවර ක‍්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී සෙනසුරාදා (26) පැවැති අවසන් මහා තරගයෙන් මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 31/28 ක ජයක් ලැබීය.
සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජය තරගයේ පළමු අර්ධයේදී ලකුණු 16/10 ක් ලෙස පෙරමුණ ගත්ත ද, දෙවැනි අර්ධයේදී මහනුවර ක‍්‍රීඩකයෝ ඉදිරියට ඒමට සමත්වුහ.
ජයග‍්‍රහී මහනුවර ක‍්‍රීඩා සමාජය ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර හතරකින් ලකුණු රැස් කළේය. සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජයට ගෝල දිනුමක්, උත්සාහක දිනුම් තුනක් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.
මහනුවර ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් රිචඞ් ධර්මපාල උත්සාහක දිනුමක් ද, ශ‍්‍රීනාත් සුරියබණ්ඩාර, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. නිගල් රත්වත්ත ගෝල ප‍්‍රවර්ථන දෙකක්, දඬුවම් පහර හතරක් සාර්ථක කරගනිමින් මහනුවර ක‍්‍රීඩා සමාජය ජයග‍්‍රහණයට ගියේය.
සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජයේ ජේසන් දිසානායක, තරින්ද්‍ර රත්වත්ත, කවිඳු පෙරේරා, ප‍්‍රින්ස් චාමර උත්සාහක දිනුම් ලැබුහ. තරින්ද්‍ර රත්වත්ත, ගෝල ප‍්‍රවර්ථනයක් සහ දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් අතර ප‍්‍රින්ස් චාමර තවත් දඬුවම් පහරකින් ලකුණු එක් කළේය.
පසුගියදා නිමා වු අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ ද ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනාගත් මහනුවර කී‍්‍රඩා සමාජය ක්ලිෆඞ් කුසලාන හිමිකර ගත් 17 වැනි අවස්ථාව ද මෙයවේ.
මෙවර තරගාවලියේ අවසන් පුර්ව වටයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය විසින් නාවික හමුදා ක‍්‍රීඩා සමාජය (ලකුණු 37/27) ද, සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජය විසින් හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය (ලකුණු 34/27) ද පරාජය කරන ලදහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.