Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම අන්තර්ජාතික රග්බි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාවේ ඊගල්ස් ක්‍රීඩාංගණයේ අද (19) නිමාවට පත්වූ බෝර්නියෝ සත් සාමාජික ආරාධිත රග්බි තරගාවලියේ කාන්තා ඉසව්වේ කුසලානය දිනාගැනීමට සමත්වූහ.

දින දෙකක් පුරා පැවැති මේ තරගාවලියට රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල අවසන් මහා තරගයේ දී තායිලන්තය පරදවමින් මේ ඓතිහාසික ජයග්‍රහණයට හිමිකම් කීවේය. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු වශයෙන් සුදත් සම්පත්ගේ මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකා කාන්තා රග්බි  පිල අවසන් පූර්ව වටයේදී මැලේසියාව පරාජය කරමින් අවසන් මහ තරගයට පැමිණි අතර අවසන් මහා තරගයේදී තායිලන්තය පරාජයට පත් කළේය.

ජයග්‍රාහීි ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම මෙසේය - රන්දිකා කුමුදුමලී (නායිකා), අනූෂා අත්තනායක, අයේෂා පෙරේරා, අයේෂා කලුආරච්චි, චරනි ලියනගේ, දසුනි ද සිල්වා. දිලිනි කාංචනා, දුලානි පල්ලිකොණ්ඩගේ, නදීකා මුණසිංහ, සංජීවනී ද සිල්වා. තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි


මේ තරගාවලියේ පිරිමි තරග ඉසව්වේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ පළඟ අනුශූරතාවයයි.


- 077

 


අදහස් (1)

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.