Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි මාලාවේ තෙවැනි සහ අවසන් අදියර ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 34-17 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට ජපානය සමත් විය.
මෙම පරාජය හේතුවෙන් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමි කරගත් ශ්‍රී ලංකා පිල තෙවැනි ස්ථානය සඳහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. තුන්වැනි ස්ථානය තේරීමේ තරගය පස්වරු 5.56 ට පැවැත්වේ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ජපානය ලකුණු 19-07 ක් ලෙස පෙරමුණේ පසුවිය. ශ්‍රී ලංකා පිල පළමු අර්ධයේ පස්වැනි මිනිත්තුව දක්වා ලකුණු 7-5 ක් ලෙස පෙරමුණේ පසුවුවද ඉන් පසුව තරගය අතහැරුණි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිනුක් අමරසිංහ, කෙවින් ඩික්සන් සහ ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. සුදම් සූරියආරච්චි ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කළේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.