Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් සහ නාවික හමුදා කණ්ඩායම් හමුවේ අනපේක්ෂිත පරාජයන් දෙකකට ගොදුරු වී වේලාසනින්ම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන දක්වා පල්ලම් බැස සිටින මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ ඩයලොග් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය නිමාවීමට පෙර යළි ලකුණු සටහනේ ඉහළට යාමේ අදිටනින් සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පිල උත්සාහක දිනුම් 7 කින්ම තලා දැමුවේ ලකුණු 53-29 ක ජයග්‍රහණයක් ද අත්පත් කරගනිමිනි. ඉන් 6 ක්ම ගෝල බවට පත් කිරීමට තිළිණ විජේසිංහ සමත්විය.
තරග දෙකකින් පරාජයට පත්වීම නිසා වෙනදාට වඩා ධෛර්යවත්ව සිටින මහනුවර ක්‍රීඩකයන් ඊයේ පස්වරුවේ සිය බලකොටුව වන නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී සී.ආර්. කණ්ඩායමට පරාජය උරුම කර දීමට සමත්වූවත් තරගයේ පළමු අර්ධයේදී කොළඹින් ගිය පිරිවර සත්කාරකයන් හමුවේ තැබුවේ සුලුපටු අභියෝගයක් නොවේ.
තරගයේ ආරම්භයේදීම රිචඞ් ධර්මපාල තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ විජේසිංහ මහනුවර පිලට ලකුණු 7-0 කින් පෙරමුණ ගෙනදුන්නත් ඊළඟ මිනිත්තු කිහිපයේදී එකවරම පෙරළිකාර ක්‍රීඩා රටාවක නිරතවූ තරින්ද රත්වත්ත සී.ආර්.පිල ලකුණු 15-7 කින් ඉහළට ඔසවා තැබුවේ මහනුවර පිල අන්දමන්ද කරවමිනි.
පළමුව දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ද, ඊළඟ මිනිත්තුවේ දී මහනුවර පිලේ ආරක්ෂක වළල්ල බිඳ දමා ඉදිරියට ගොස් දර්ශනීය උත්සාහක දිනුමක් තබමින් ද සිය කණ්ඩායම ඉදිරියට තල්ලු කරගෙන ගිය තරින්ද පළමු මිනිත්තු 15 නිමාවීමට පෙර තවත් උත්සාහක දිනුමක් තබා ප්‍රතිවාදීන් දැඩි පීඩනයකට හසුකළේ එය ගෝලයක් බවට ද පත් කරමිනි.
තරින්දගේ සටන්කාමී ක්‍රීඩා විලාශයෙන් තුෂ්නිම්භූත වූ මහනුවර පිල ඊළඟ මිනිත්තුවේ දී තිළිණ විජේසිංහ සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දමාගැනීමට සමත්විය. අනතුරුව විශ්වමිත්‍ර ජයසිංහගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ විජේසිංහ මහනුවර පිලට පෙරමුණ ගෙන දුන්නේ ලකුණු 17-15 ක් ලෙසිනි. ඊට මිනිත්තු කිහිපයකට පසුව කවිඳු පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ තරින්ද යළි සී.ආර්.පිල ඉහළට ඔසවා තැබුවේ ලකුණු 22-17 ක් ලෙසිනි. එහෙත් සයුරු ඇන්තනී තැබූ උත්සාහක දිනුම හේතුවෙන් තරගයේ පළමු භාගය නිමාවට පත්වූයේ දෙපිලම ලකුණු 22-22 ක් ලෙස සම තත්ත්වයට පත් කරමිනි.
දෙවැනි භාගයේදී සැලසුම් සහගතව පිටියට පිවිසි මහනුවර පිල සිය ප්‍රතිවාදින් ඇද බැඳ තබාගැනීමට සමත්වීම කැපී පෙනුණි. මිනිත්තු කිහිපයට පසුව ධනුෂ්ක රන්ජන් විශිෂ්ට උත්සාහක දිනුමකින් තම පිල ඉදිරියට ගෙන ගියේය. තිළිණ එය ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 29-22 කින් මහනුවර පිල ඉදිරියට ගියේය.
මඳ වේලාවකට පසුව යාකුබ් අලී තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කිරීමට තිළිණ සමත්වෙද්දී මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 36-22 කින් ඉහළ ගියේය.
ඊට මිනිත්තු 2කට පසුව තරගයේ 55 වැනි මිනිත්තුවේ දී ධනුෂ්ක රන්ජන් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර තිළිණ එය ගෝලයක් බවට පත් කරද්දී මහනුවර පිල ලකුණු 43-22 කින් ලකුණු පරතරය වැඩි කරගත්තේය.
එයින් මිනිත්තු 6 කට පසුව ධනූෂ දයාන් උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර තිළිණ එය ගෝලයක් බවට පත් කළේ මහනුවර පිල ලකුණු 50-22 කින් ඔසවා තබමිනි. කෙසේවෙතත් තරගයේ 67 වැනි මිනිත්තුවේ දී අෂාන් ද කොස්තා උත්සාහක දිනුමක් තබමින් සී.ආර්.පිලේ ක්‍රීඩකයන්ට මද අස්වැසිල්ලක් ගෙන දුන් අතර තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට පත් කරමින් ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉහළ දැමුවේය.
එහෙත් ඒ වනවිටත් මහනුවර පිල ලකුණු 50-29 කින් පෙරමුණ ගෙන සිටි අතර 70 වැනි මිනිත්තුවේ දී තිළිණ විජේසිංහ ගැසූ ඩ්‍රොප් ගෝලයත් සමග සියල්ල නිමාවට පත්විය.
මහනුවර පිල තරගය පුරා ගෝල් 6 ක්, උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළ අතර සී.ආර්.පිල ගෝල් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් රැස් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.