Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩකයන්ගේ අභියෝග හමුවේ විශිෂ්ට සටන්කාමීත්වයක් පෙන්නුම් කළ නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 37-34 ක තියුණු ජයක් අත්පත් කරගැනීමට සමත්විය.
ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් මේ තරගය නිමාවීමට මිනිත්තු 20 ක් තිබියදී ලකුණු 27-27 ක් බැගින් සම තත්ත්වයේ දෙපිලම පසුවූ අතර ප්‍රතිවාදී ක්‍රීඩක මිතිල පෙරේරාට නීති විරෝධී බාධා කිරීමක් හේතුවෙන් නාවික හමුදා පිලේ ළහිරු විශ්වජිත් පිටියෙන් ඉවත් කරන ලදි. ඒ වෙද්දී නැවියන්ගේ පිරිස 14 දක්වා අඩුවී තිබිණි.
කෙසේ වෙතත් ඉතිරි මිනිත්තු කිහිපය පරිස්සමින් ක්‍රීඩා කිරීමේ ක්‍රමවේදය මැනවින් දැන සිටි නැවියෝ තරගයේ තත්ත්වය තම වාසියට පෙරළා ගත්හ.
දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් පසුව චානක චන්දිමාල් තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ තිළිණ වීරසිංහ නැවියන්ගේ ජය මාවත විවර කළ අතර අවසන් මොහොතේ දී සිය කණ්ඩායම ගොඩ ගැනීමට ඕමල්ක ගුණරත්න උත්සාහක දිනුමකින් දායකත්වය ලබා දුන්නත් නැවියන්ගේ ජය නතර කිරීමට එය ප්‍රමාණවත් නොවීය.
පළමු භාගය නිමාවනවිට ලකුණු 21-19 කින් පෙරමුණ ගත් නාවික හමුදා පිල සිය ලකුණු සංඛ්‍යාව ගෝල් 2 කින්, උත්සාහක දිනුමකින්, දඬුවම් පහර 5 කින් සහ ඩ්‍රොප් ගෝලයකින් තර කර ගත් අතර අවසන් මොහොත දක්වාම සටන අත් නොහැරිය සී.ආර්. පිල ගෝල 3ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළේය.
තරගය ආරම්භයේ දීම අනුරාධ හේරත් තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ නලීන් කුමාර සී.ආර්.පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියද ඊට මිනිත්තු කිහිපයකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරමින් නැවියන්ගේ ලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට තිළිණ වීරසිංහ සමත්විය. අනතුරුව නැවියන්ගේ පීඩනය වැඩි කළ ෂෙමාල් වීරසේකර තරගයේ 15 වැනි මිනිත්තුවේ දී තැබූ උත්සාහක දිනුමකින් සී.ආර්.පිල ලකුණු 12-3 කින් ඉදිරියට ගියේය.
තවත් මිනිත්තු කිහිපයකට පසුව සුපුන් ඩිල්ෂාන් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ දැමීමට නාවික හමුදා පිල සමත්වූ අතර 25 වැනි මිනිත්තුවේ දී සී.ආර්.පිලේ ඕමල්ක ගුණරත්න තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ නලීන් කුමාර සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉහළ දැමුවේය.
එහෙත් ඉක්මණින්ම පිටියේ තම අණසක පැතිරවීමට සමත්වූ නාවික හමුදා පිල දඬුවම් පහර 2ක් සාර්ථක කරමින් සහ දුලාංජන විජේසිංහ තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් තිළිණ වීරසිංහ දැක්වූ විශිෂ්ට දස්කම් මත ලකුණු 21-19 කින් පළමු භාගය නිමාවීමට පෙර පෙරමුණ ගැනීමට සමත්විය.
ඉන් නොනැවතුණු තිළිණ වීරසිංහ දෙවැනි භාගයේ ආරම්භයේදී පිට පිට තවත් දඬුවම් පහර 2ක් සාර්ථක කරමින් නාවික හමුදා පිල ලකුණු 27-19 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. ඊට ස්වල්ප වේලාවකට පසුව රන්දික වර්ණපුර උත්සාහක දිනුමක් තබමින් සී.ආර්.පිල ලකුණු 24 කින් ඉහළට ගෙන ගිය අතර නලීන් කුමාර දඬුවම් පහරක් සාර්ථක කිරීමෙන් පසුව ලකුණු තත්ත්වය දිස්වූයේ 27-24 ක් ලෙස නැවියන්ගේ වාසියටය.
ළහිරු විශ්වජිත්ගේ නීති විරෝධී ක්‍රීඩා රටාව හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් කොට සී.ආර්.පිලට දඬුවම් පහරක් පිරිනැමුණේ ඒ මොහොතේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.